(තිලකරත්න දිසානායක.)

ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත. 

කලා ක්ෂේත්‍රයේ 50 වසරක් පමණ විශිෂ්ඨ සේවාවක් සිදු කළ දුමින්ද සිරිසේන මහතා මියයනවිට 75 වෙනි වියෙහි පසුවූ අතර දෙදරු පියෙකි. 

දේහය ගම්පහ , ශ්‍රී බෝධි පාර අංක 29/3 දරණ  නිවසට රැගෙන ඒමට නියමිත ය.

දේහය පිළිබඳ අවසන් කටයුතු  7 වෙනි බ්‍රහස්පතින්දා  බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව පවුලේ සාමාජිකයෝ පවසති.

දේහය 7 වෙනි දින දක්වා බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කොට තැබෙන බවත් අවසන් කටයුතු 7 වෙනි දින සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බවත් ඒ මහතාගේ පුත්‍රයෙකු සදහන් කළේය.