(ඩබ්ලිව්. අසේල සහ  එම්. දසානායක)

මහනුවර කිවුල්ලිද ප්‍රදේශයේදී වයස අවුරුදු විසි තුනක පුද්ගලයකු පොරවකින් කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ තරුණයාගේ මව නොමැති අතර ඔහුගේ පියා විසින් වෙනත් විවාහයක් සිදුකරගෙනඇත. එම කසාදයේ බිරිදගේ දුව පුතා හා බෑණා සමග පියා එකතුව මෙම ඝාතනය සිදුකොට ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි  පොලීසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හෙන්නන් ගෙදර සුසන්ත බණ්ඩාර නැමති අයවන අතර ඔහු කම්කරුවෙකි.

මොවුන් විසින් නිවස ඉදිරියෙන්ම කුඩා ආපනශාලාවක්ද පවත්වාගෙන යන අතර පහර දීම සිදුකල පොරව අසල දිය අගලකය විසිකර දමා ඇති අතර එය සෙවීමේ කටයුතුද ආරම්භ කර ඇත.