IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක්

 

ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබේ.
 

පුරාවිද්‍යාඥයින් පවසන්නේ මේවා වසර 2500ක් පමණ පැරණි බවයි.
 
ඉතා හොඳින් මුද්‍රා තබා තිබූ පෙට්ටි වල සංකීර්ණ තීන්ත මෝස්තර හොඳින් ආරක්ෂා වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති. රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සමග සිරුරු මිහිදන් කර තිබූ බව ද ඔවුහු පවසති. සිරුරේ හැඩයටම සකස් කරන ලද දැවමය පෙට්ටිවල සිරුරු සුරක්ෂිත කර තිබේ.
 
එම සිරුරු උසස් පුද්ගලයන්ට අයත් ඒවා වියහැකි බව ඒවා සංරක්ෂණය කර තිබෙන ආකාරයෙන් පෙනී යන බව ද පුරාවිද්‍යාඥයෝ පවසති.
 
"මෙම සොයාගැනීම විශේෂිතයි, සිරුරු බහා තිබූ පෙට්ටිවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය අනුව ඒවා උසස් පුද්ගලයන්ට අයත් බව පෙනී යනවා." යනුවෙන් ඊජිප්තුවේ පුරාවස්තු කවුන්සිලයේ මහලේකම් මොස්ටාෆා වසිරි පැවසීය.
 
පුරාවිද්‍යාඥයින් විසින් එක් පෙට්ටියක් විවෘත කර සිරුර ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකර තිබේ. එමගින් සිරුර සංරක්ෂණය කළ ආකාරය සම්බන්දව තොරතුරු සොයාගැනීමට හැකිවූ බව ඔවුහු පවසති.
 
එම සිරුර අඩි 5.4 - 5.7 අතර පිරිමි පුද්ගලයෙකුට අයත් බවත් ඔහුගේ ජීවිත කාලය හොඳ සෞඛ්‍යයෙන් ගතකර ඇති බවත් අවුරුදු 40 - 45ත් අතර වයසේදී මියයන්නට ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති.
 
සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය පවසන්නේ මෙම පෞරාණික සිරුරු ඊජිප්තුව පුරා පිහිටි කෞතුකාගාර වලට යැවීමට සැලසුම් කර ඇති බවයි.
 
ඊජිප්තුවේ පළමු රාජ වංශය දක්වා දිවෙන මෙම විශාල සුසාන භූමියේ පැරණිතම පිරමීඩය ද පිහිටා තිබේ.

 

සීඑන්එන් ඇසුරිණි 

085

(ඡායාරූප - රොයිටර්)

 



අදහස් (4)

පාරාවෝ සුසාන භූමියකින් වසර 2500 ක් පැරණි සිරුරු 100 ක්

chandima Sunday, 22 November 2020 10:30 PM

ඒ කාලේ කොරෝනා නැතිනම් වෙනත් එවැනි භයානක වෛරසයකින් මියගිය පිරිසකගේ මළසිරුරු වෙන්න බැරිද?

:       1       2

kamal Monday, 23 November 2020 04:59 AM

අපිට හම්බ වුණා නම් ඉක්මනට ඇමෙරිකාවට යවාවි..

:       6       9

AmareTuesday, 24 November 2020 06:30 AM

නැහැ අපිටත් ඔහොම සුගලා දේවියගේ මමිය ලැබුණු බවත්, පොලොන්නරුවේ කට්ටියක් ඒකට වැඩේ දුන්නු බවත් රටම දන්නවා නේද? අපරාදෙ මේ වගේ ලොවටම පෙන්වන්න තිබ්බ අවස්ථාවක් නැතිකළා. අපේ ඉතිහාසය සම්බන්ධ වැදගත්ම සොයාගැනීමක් නැතිවුණා මේ පාහරයෝ නිසා...

:       0       6

Nihal Wednesday, 25 November 2020 03:17 PM

මෙහෙ නම් වසර 2500ක් පැරණි එක වසර 2000කට කළින් හාරලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 21 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site