(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවෙන්, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු හැර අනෙක් සියල්ලම ඉටුවෙන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ 225 දෙනා තවම එක් වන්නේ බෙදෙන්න ගහගන්න මිස කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න අවබෝධ කරගැනීමට නොවේ යැයි ද මන්ත්‍රීවරයා කීය.
වත්මන් අර්බුද වලට හරියට මුහුණ නොදුන්නොත් 225 දෙනාම ගුටි කන තත්ත්වයකට පත්වෙන බව සඳහන් කළේය.
රට බංකොලොත් කිරීමට 225 ම වගකිව යුතු යැයි ද කාටවත් ඒකෙන් නිදහස් වෙන්න නොහැකි යැයි ද මන්ත්‍රීවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පෙබරවාරියේ ලැබුණ පසු තවත් සහන ලබා දෙන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙන බව ද අබේවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ යන්න. ගිය ඡන්දයෙන් ඇපත් නැහැ. දැන් එනවා රට හදන්න.
දුන්නු සහන හොඳටම ඇති... තව එපා...
ෂටප්, ඇන්ඩ් සිට් ඩවුන්.
"උසාවියෙන් මරණ දඬුවම හිමි වුණු මිනිස්සු පාර්ලිමේන්තු එනවා, ඩොලර් ට්‍රිලියන ගණනින් ආර්ථිකය විනාශ කළ මිනිස්සු පාර්ලිමේන්තු එනවා, උසාවියෙන් වැරදි කරුවුණු මහා පරිමාණ කප්පම් කාරයෙක් පාර්ලිමේන්තුවේ සභා නායක, ත්‍රස්ත කරුණ, පිල්ලෙයාන් පාර්ලිමේන්තුව නියෝජනය කළා සහ කරනවා, ඇප මුදල ගෙවාගන්න බැරිව මිනිස්සු මාස කිහිපයක් හිරේ යනවා" - යකෝ අවුලක් තියනවා. කොහොමත් ලඟදිම 226 දෙනාම ගුටි කන තත්ත්වයකට පත්වෙන බව අනිවාර්යයි...!
ඇත්ත ඇත්ත කවුරු හරි ඒ ටික දැනුවත්ව ඉන්න එක .ලිප ගිනි දැල්වෙන තෙක් කුකුළුවා දියකෙලියේ ලු
යෑස්, හරියට පිනට පාත් වුණු ඔයා විකට චරිත රඟපානවා වගේ...
ඔයා එක පැයක් සිකුරුටි කාරයෝ නැතුව මහ පාරේ ඇවිදලා බලන්නකෝ...