(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවාය.
ඇය එප්පාවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කාන්තාව පාර්ලිමේන්තුවට ඇතුළුවීමට උත්සාහ දැරුවේ ඇයි දැයි ප්‍රශ්නයක් වන අතර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙම කාන්තාව ජයන්තිපුර ප්‍රධාන පිවිසුමෙන් ඊයේ පෙරවරුවේ කලබලයෙන් මෙන් ඇතුළුවීමට උත්සාහ දරා ඇත. මේ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරීන් ඇය ඇතුළුවීම වළක්වා ඇති අතර පොලිස් කාන්තාවක යොදවා එම කාන්තාව පසෙකට කැඳවාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත.
අනතුරුව සැකකාර කාන්තාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා තලංගම පොලිසියට බාර දෙනු ලැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න බඩේ ' රත්තරන් ' බැඳගෙනද ආවේ ප්‍රී-ෂූට් කරන්නද කියලා..!
තරුණ ඇමතිල කතා කරනව බලන්න යන්න ඇති.
ඒ පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් තියනවද?
එහෙනම් ඔය හොරෙන් ඇතුළු වූ කෙනෙක් දැන් ජනාධිපති වෙලත් ඉන්නේ..!