IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාර්ලිමේන්තුවට පත් විය යුත්තේ පළපුරුදු පිරිසක්

(අංජුල මහික වීරරත්න)

පළපුරුද්දක් නැති පිරිසක් පාර්ලිමේන්තුවට පත්වුණොත් එයින් රටට යහපතක් වේ යැයි සිතන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීගමුවේ දී අද (27) පැවසීය.

අද මාලිමාවේ සිටින පිරිස කවුදැයි ජනතාව හඳුනන්නේවත් නැතැයි කී විජයවර්ධන මහතා ගෑස් සිරින්ඩරයෙන් තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කණ්ඩායම සතුව දක්ෂ පළපුරුදු කණ්ඩායමක් සිටින බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජන හමුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අපගේ බලාපොරොත්තුව වූයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.මේ රටේ ආර්ථිකය හදන්නට හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහට පමණයි.රට බංකොලොත් වූ අවස්ථාවේ ඉදිරිපත් වූයේ එතුමා පමණයි.අප සියලු දෙනාට ජීවත්වීම සඳහා ඔහු වාතාවරණය හදා දුන්නා.

නමුත් අවාසනාවකට ජනතාව වෙනත් තීන්දුවෙන් ගත්තා. පත් වූ ජනාධිපතිගේ කකුලෙන් අදින්නට අප බලාපොරොත්තු වන්නේ නැහැ.නමුත් එතුමාගේ ඇතැම් තීන්දු තීරණ ගැන අප සතුටු වන්නේ නැහැ.එතුමාට අත්දැකීම පලපුරුද්ද ටිකක් අඩුයි.රටේ නායකත්වය භාර ගැනීම යනු ලේසි පහසු වගකීමක් නොවේ.

රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය පිළිබඳව තිබෙන දැනුම නිසා රටේ ආර්ථිකය යම් තත්ත්වයකට ගෙන ඒමට ඔහුට හැකියාව ලැබුණා. එදා අනුර එදා කියූ දේ සහ අද කියන දේ බලන විට පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබෙනවා. මේ මැතිවරණයේදී වත් රටට හරි නායකත්වයක් දෙන්නට අප කල්පනා කළ යුතුයි.

වත්මන් පාලකයන්ටත් වගකීම අතහැර යන්නට සිදුවුණහොත් යළි රටේ වගකීම බාරගන්නට පළපුරුදු කණ්ඩායමක් සිටිය යුතුයි" යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.

ඡායාරූප:- ප්‍රදීප් පතිරණ

 

 



 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site