(ඩයනා උදයංගනී)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන මුදල් පිළිබඳ බලය වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතක් සැකසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව සකස් කර ඇති මුලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීතිකෙටුම් පත් සම්පාදකට උපදෙස් ලබාදීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලයපිහිටුවීම සඳහා වන මුලික කෙටුම්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් ඔක්තෝබර් මස 31 වැනිදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර, එය පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් වෙත යොමුකර අදහස් ලබාගැනීමට ද එහිදී තීරණය වී තිබූ බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පක්‍ෂ නායකයන් සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදී ඉදිරිපත් වූ අදහස් ද අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කෙරුණු බවත්, එම අදහස් ද සැලකිල්ලට ගෙන දැනට සකස් කර ඇති මූලික කෙටුම්පත මත ද පදනම්ව මෙම පනත් කෙටුම්පත සැකසීම සිදුවනු ඇතැයි ඇමතිවරයා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලයක්