(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු අසල  දියවන්නා ඔයෙන් හදිසියේ  ගොඩට පැමිණි  කිඹුලකු  හේතුවෙන් අද පෙරවරුවේ එහි කලබලකාරි තත්වයක් ඇතිවිය.

කිඹුලා පැමිණ ඇත්තේ පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව( අංක 1) අසල ප්‍රදේශයටය.

මේ අතර දියවන්නා ඔයේ කිඹුලන් ගහනය වැඩිවී ඇති හෙයින් පරිස්සම් වන ලෙස වනජීවී අංශ  ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.