(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය පක්ෂය සහ ඩලස් කණ්ඩායම අද (8) පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය සමග සන්ධාන ගතව සිටින දේශපාලන පක්ෂ බොහොමයක් එම උත්සවයට සහභාගිවීමට නියමිතය.
විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවුණත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදයට සහභාගිවන බව ඩලස් කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය හෙට (9) සහ අනිද්දා (10) පැවැත්වේ.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
නවවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (8) පෙරවරු 10.00 ට විවෘත කරනු ලැබීමට නියමිතය.
ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවය.
ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව හෙට(9) දක්වා කල් තැබෙනු ඇත.
රටේ ආර්ථික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර කිසිවක් මෙවර ඇතුළත් නොකිරිමට රජය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද දිනයේ ක්‍රියාත්මක කෙරෙන බව ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට පක්ෂ දෙකක් නෑ
ලංකාපුත්‍ර Wednesday, 08 February 2023 05:34 AM
යමක් විවෘත කරන්න පුළුවන් එක් වතාවක් පමණයි .මේක මහ විකාරයක්.එහෙම කියන්නෙ මෙහෙම කලාම සියලු කමිටු අහෝසි වෙනවා .මෙතෙක් කාලයක් ජනතාව මුදල් නාස්ති කරමින් කටයුතු කල කමිටු කටයුතු අහෝසි වෙනවා .ප්‍රශ්න යටවෙනවා .නැවතත් එම ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ආයෙමත් ඉදිරිපත් කරනවා. ආයෙත් යටකරනවා ,රට එකම තැනක කුණුවෙනවා .මෙයිනුත් වෙන්නෙ රටේ කටයුතු හා සංවර්ධනක් වෙමින් තිබුනා නම් තව තවත් ප්‍රමාදයක් සිදුවීමක් පමණයි. කෙනෙක් කියයි සම්ප්‍රදායක් කියලා. සම්ප්‍රදායක් කියන්නෙ සංවර්ධනය හෝ ප්‍රශ්න යටකිරීමද, ලංකාව සංවර්ධනය කරන්න කාටහෝ සැබෑ අවංක උවමනාවක් තියෙනවා නම් මැතිවරණයට පස්සෙ විවෘත කිරීමක් නොවෙයි. ආරම්භ කිරීම එක් වරක් පමණක් කරන්න ඕන
යුද්ධට නැති කඩුව, පිට කසන්න ද? Wednesday, 08 February 2023 08:17 AM
වරදක් දුටු තැන එයට එරෙහිව හඬ නොනගා නිහඬව සිටීම, එම වරදට සහාය දැක්වීම බව මේ අය දන්නේ නැද්ද?