(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගුටිබැට හුවමාරුවකට සම්බන්ධවීමෙන් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවට ඊයේ (1) නිර්දේශ කළේය.
මේ අනුව එම තිදෙනාගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට අත්හිටුවීමේ නිර්දේශ ඇතුළත් වරප්‍රසාද සහ ආචාරධර්ම කමිටුවේ වාර්තාව එහි සභාපති හිටපු කතානායක මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (1) ඉදිරිපත් කරනු ලැබීය.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනකදී බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පුස්තකාලය ආසන්නයේදී සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව මෙම ගුටිබැට හුවමාරුව සිදුවූයේ පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද 225ම පාර්ලිමේන්තු තහනම් කරන්න...?
මාසයක් පාර්ලිමේන්තුව තහනම්කිරීමත් දඬුවමක්ද?
අසරණව හැසිරෙන අය ඉවත් කරන්න. කොහොමත් ඡන්දෙදී ඔක්කොම විසිවෙනවා...
කැකිල්ලේ තීන්දුවක්... අරගලය පටන්ගත් එක්කෙනාට මේ වගේ තුන්ගුණයක දඬුවමක් තමයි දෙන්න ඕනේ. අනිත් දෙන්නා අතේ වැරැද්දක් නැහැ.