(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ සම්මත විය.
එම නිර්දේශයට පක්ෂව ඡන්ද 57 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
විරුද්ධව ඡන්දය ලබා ලබාදුන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා ය.
මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මෙසේ ඡන්දය දීමෙන් වැළකී සිටියේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය විදුර වික්‍රමනායක සහ චින්තක අමල් යන මහත්වරුන්ය.
ඡන්දය විමසන අවස්ථාවේදී සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පිටව ගියහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබ ඩයනාගේ තහනමට පක්ෂව ඡන්දය දෙන්නත් අනෙක් දෙදෙනාට විපක්ෂ වෙන්නත් ඕන අන්තෝ ජටා බහිජටා කියලා බැහැලා ගිහිල්ලා ඇත්තටම සජබ කට්ටියට කශේරුකා නැද්දෝ කියලා හිතෙනවා.. ඒකෙනුත් වෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට අයවැය සඳහා විපක්ෂ ඡන්ද දෙකක් නැතිවීම තමයි...!
මිරිස් කුඩු කාරයින්ට මොකද වුණේ?
ඔය අංගනාවට ඔය ගොඩනැගිල්ලට පය ගහන්නවත් අයිතියක් නෑ කියලා කියන්න කවුරුවත් නැද්ද?
ඇයි අද පාර්ලිමේන්තුවේ ඇත්තටම වෙච්චි දේ කියන්නේ නැත්තේ...?
මාසයක තහනම දඬුවමක්ද? මේ අය ගන්නා ජනතාවගෙන් වන්දි ගෙවන රුපියලක් ගානේ අපව විනාශයට ඇද දමන සියලුම අමනයින්ට සහ අමනියන්ට, ශාපවේවා... ශාපවේවා... ශාපවේවා...!!!