IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුව වාර අවසන් කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව ( නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය) අද (28)  මධ්‍යම රාත්‍රියේ සිට වාර අවසාන කෙරෙයි.

වාර අවසාන කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරිණි.

වාර අවසාන කෙරුණු  පාර්ලිමේන්තුව ගැසට් නිවේදනයේ  දැක්වෙන අන්දමට  ජනපතිවරයා විසින්  උත්සවාකාරයෙන් නැවත විවෘත කෙරෙන්නේ ලබන මස 3  වැනිදා බදාදාය.

පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත්  කරනු ඇත.

නව ජනාධිපතිවරයකු පත් වූ පසු පාර්ලිමේන්තුව වාරඅවසාන කර උත්සවාකාරයෙන් විවෘත කිරීම  සාමාන්‍ය සම්ප්‍රදායක් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තුව  වාර අවසාන කිරීමත් සමගම එහි කෝප්, කෝපා ඇතුළු   කමිටු 50 කට වැඩි සංඛ්‍යාවක් අහෝසිවී ගියේය. එම කමිටු සක්‍රියවීමට නම් ඒවායේ  සාමාජිකයන් පත්කර නැවතත් පිහිටවනු ලැබිය යුතු වෙයි.



අදහස් (0)

පාර්ලිමේන්තුව වාර අවසන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site