(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ දී සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිණි.

මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සභා ගැබට පැමිණ පැවසූයේ සමගි ජන බලවේගයේ සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මෙය බරපතළ සිද්ධියක් වන අතර මේ ගැන පරීක්ෂණයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබිය යුතු බවයි.