
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් ඇති වූ උණුසුම් තත්ත්වය මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් තබනු ලැබීය.
මෙම යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි බවට විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළහ.
උණුසුම් තත්ත්වය ඇති වූයේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කතා කරමින් සිටියදීය. මෙහිදී උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවනු දැකගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd