IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


පාර්ලිමේන්තුවේ ලොක්කන් තුනකට හොර පාරෙන් වාහන පර්මිට්

(සුජිත් හේවාජුලිගේ)

ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ නොකෙරුණු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකුට විධිමත් අනුමැතියකින් තොරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර නිකුත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණු බවද එම වාර්තාවේ සඳහන් වේ.

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන උපදෙස් වලට පටහැනිව මෙසේ කටයුතු කර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර පාර්ලිමේන්තුවේ මියගිය විශ්‍රාම ගිය වැඩ තහනම් කළ හා සේවය හැර ගිය නිලධාරීන්ගෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට ලක්ෂ විසි දෙකකට ආසන්න මුදලක් අය කරගෙන නැතැයි එම වාර්තාවේ දැක්වේ.

එසේම පාර්ලිමේන්තුවේ වැඩ තහනම් කෙරුණු නිලධාරීන්ගෙන් වසර දහයකට අධික කාලයක් තිස්සේ ලක්ෂ හතරකට ආසන්න මුදලක්ද අයකරගෙන නැතැයි වාර්තාව සඳහන් කරයි.

 



අදහස් (6)

පාර්ලිමේන්තුවේ ලොක්කන් තුනකට හොර පාරෙන් වාහන පර්මිට්

ගුණරත්න Thursday, 21 August 2025 08:33 AM

මියගිය මිනිස්සුන්ගෙන් කොහොමද මුදල් අය කරගන්නේ? ඥාතීන්ගෙන්ද? ඒක සදාචාරාත්මක නැහැ. ලොක්කෝ හැන්ද අතේ තියන් බෙදන එක මේ ආණ්ඩුවේත් නතර වෙලා නැහැ. පාර්ලියමේන්තුවේ ලොකුම ලොක්කා නිල නිවාස දෙකක් තියන් ඉන්නවා කියලා අහන්න ලැබුණා. උන්නැහේ ඒ කාරණේ එළිදරව් වුණාම එක නිල නිවසක් රාජ්‍ය නොවන සංවිධානයක් හදලා දෙන්න හැදුවා. උන්නැහේගේ දේපොලක් නම් එහෙම කළාට කමක් නැහැ. ඒත් මේවා එහෙම නොවෙයි, මේවා මහජන දේපළ...

:       3       2

ravin Thursday, 21 August 2025 08:52 AM

හොරුන්ගෙන් පිරිච්ච උත්තරීතර යැයි කියාගන්නා හොර ගුහාවක් නේද?

:       1       11

දිමුත් Thursday, 21 August 2025 10:22 AM

මියගිය මිනිස්සුන්ගෙන් කොහොමද මුදල් අයකර ගන්නේ? 

:       1       5

ජිල්බු Thursday, 21 August 2025 11:53 AM

මිනිය නොදී ඉඳලා - සමහර පුද්ගලික හොස්පිටිතාල වගේ.

:       0       6

fairoos Thursday, 21 August 2025 12:25 PM

NPP ආණ්ඩුවක් හින්දා මේවා එළියට එන්නේ... මින් පස්සේ ඕවා බෑ. ඒකනේ බයියෝ කෑගහන්නේ...

:       2       3

maalaka Friday, 22 August 2025 06:33 AM

මියගිය සේවකයන්ගේ ආර්ථික සාදක සහ වෙනත් දීමනා තියෙනවා. පුද්ගලික අංශයේ නම් මේවා නිදහස් කරන්නෙ, අය විය යුතු ණය කපාගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 535 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17252 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 698 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site