IMG-LOGO

පාර්ලිමේන්තුවේ බස් ප්‍රශ්නය පක්ෂ නායක රැස්වීමේදීත් කතාබහට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව සඳහා වෙන් කෙරුණු බස්රථ 12 ක් තිබියදී එහි සේවකයන් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ නවයක් යොදා ගෙන ඇතැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද ප්‍රශ්න කර ඇත.

මේ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු පියවරක් ගන්නා ලෙසද  ඔහු මෙහිදී  ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්විය.

පාර්ලිමේන්තුවේ මෙම බස් ප්‍රශ්නය ජනමාධ්‍ය මඟින්ද  පසුගිය දිනවල තොරතුරු අනාවරණය කෙරිණ.



අදහස් (1)

පාර්ලිමේන්තුවේ බස් ප්‍රශ්නය පක්ෂ නායක රැස්වීමේදීත් කතාබහට

බණ්ඩා Saturday, 02 April 2022 12:50 PM

අපි දන්නා තරමින් පාර්ලිමේන්තුවේ වාර්තා කරන අයටත් නිකං කන්න දෙනවාලු. ඒවත් දැම්මා නම් හොඳයි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 531 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site