IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාර්ලිමේන්තුව නියෝජනය කරන සතුන් ගැන ප්‍රසන්න කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන අයට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා කීවේ ඔලු තුනේ බූරුවන් කියා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය වෙන් කරන්නේ නැතැයි මහාචාර්ය ජී.එල් පීරිස් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මේ බව කීය.

"පාර්ලිමේන්තුවේ සිටින සැමට කතා කිරීමේ අයිතිය තිබෙනවා.ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියා කොටස් දෙකක් තිබෙනවා. ස්වාධීන කොටසක් කියා දෙයක් ඉතිරි වන්නේ නැහැ. දෙපැත්තටම නැති අය සිටිනවා නම් මැදට ආසන ටිකක් දමා ස්වාධීන කිව යුතුයි.එහෙම වුනොත් වෙන්නේ  වෙස්ට්මිනිස්ටර් ක්‍රමය නැතිවී ඔලු තුනේ සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්න වෙනවා.

ස්වාධීන වෙන අයට ඔලු තුනේ බූරුවන් යැයි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා කිව්වා.අපි එහෙම කියන්න කැමති නැහැ. එතුමාලටත් කතා කරන්න අයිතිය තිබෙනවා.ස්වාධීන වී දෙපැත්තෙම නැති උනාම කාලය දෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් ද? විපක්ෂයෙන් ද?අපේ කාලයෙන් දෙන්නම්, විපක්ෂයෙන් දෙනවාද?

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව වෙලාව වෙන් කරන්නේ පාර්ලිමේන්තුවට තේරුණු කණ්ඩායමේ වෙලාවයි.විපක්ෂයේ වාඩි වුණු අය තේරුනේ  පොදුජන පෙරමුණෙන්. වෙලාව දිය යුත්තේ ඒ අනුවයි.



අදහස් (6)

පාර්ලිමේන්තුව නියෝජනය කරන සතුන් ගැන ප්‍රසන්න කියයි

Perera Thursday, 22 September 2022 12:55 PM

එ ඒකාලෙ....දැන් ආන්ඩුවෙම ඉන්නව ඔලුව පොඩි බඩ ලොකු බූරුවො..

:       1       17

Kule Thursday, 22 September 2022 01:10 PM

‍යහපාලන රජයකාලෙදි එදා ශ්‍රි ලංකා නිදහස් පක්ශයෙ, මන්ත්‍රීවරයෙක්ව සිටිනාකලයෙ මහින්දත් සමග ස්වදීන මන්ත්‍රීවරයෙක් වශයෙන් විරුද්පදක්ශය සිටියා මෙතුමන්ට මතක නෑ, මෙයා මොනසතාද?

:       1       12

de silva Thursday, 22 September 2022 02:02 PM

දැන් පවතින්නේ පොහොට්ටු ආණ්ඩුවක්. මහාචාර්ය තුමා පොහොට්ටුවෙ සභාපති. එම නිසා ඔහුට කාලය ලබාදෙන්න ඕනි ආණ්ඩුපක්ෂයෙන්.

:       1       4

සඳුන් Thursday, 22 September 2022 02:10 PM

ඕක සත්තු වක්තක්. අලි, කොටි, නරි, කටුසු, වවුල් මේ හැම වර්ගයකින්ම ඉන්නවා. හැබැයි හැමදාම දුක් විඳින මීහරක් ටික නම් ඉන්නෙ එළියෙ.

:       1       2

Andrew Thursday, 22 September 2022 03:27 PM

He is a donkey without a brain. I'm not sure whether the term is correct. Donkey also has a brain. This fellow is having a belly

:       1       4

de silva Thursday, 22 September 2022 05:51 PM

මේ බූරුවෝ නිසා කප්පම් ගන්න එකවත් හරියට කරගන්න බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site