(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද( 30)තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස් විය .
මේ අනුව පාර්ලිමේන්තුව රැස් වනුයේ ලබන 4 වෙනිදා අඟහරුවාදා සහ 5වෙනිදා බදාදා පමණකි .
එම දින දෙකේදී ප්‍රශ්න විමසීම්වලින් තොරව මැතිසබයේ කටයුතු සෞඛ්‍ය විධිවිධානවලට යටත්ව පත්වාගෙන යෑමටද එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත.
පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ දින හතරක් පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකනම් වහලම ධැම්මත් ප්‍රශ්නයක් නෑ..ඕක පැවැත්වුවා කියල රටට වුන සෙතක් නෑනෙ..ඕකුන්ට කන්න දෙන්නයි තෙල්ටික ගහන්නයි මහජන මුදල් නාස්ති උනා මිස...
දින දෙක නෙමෙයි, පැය දෙක වුණත් ලැබෙන පඩියේ අඩුවක් නැහැනේ.., දුප්පත් මිනිස්සු රැකියාව නොකළොත් ජීවත්වෙලා ඉවරයි. අනික ඕක රැස්වුණා කියලත් ඇති වැඩේ මොකක්ද?
ඔය දින 2ත් නැතිවන්න ඕනේ.. ඊට පස්සේ ඕකේ ඉන්න 225 දෙනාවම පාරෙතියලා එල්ලා දමන්න ඕනේ. ඔය අයගෙන් මෙරටට ඇති යහපත මොකක්ද?