(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්මත කරන්නට මිස රඟපාන්න නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කාට හෝ රඟපාන්නට අවශ්‍ය නම් පාරට ගිහින් රඟපාන්නට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
පාර්ලිමේන්තුවේ පළමු පැයෙන් පසුව ප්‍රධාන වැඩ කටයුත්තට යන්නයි රීතියක් ගෙන එන ලෙස තමා යෝජනා කරන බව කී ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කාලයේ ඇතැම් විට එක දෙක වන තුරු සභාවේ ප්‍රධාන කටයුතු ඇරඹෙන්නේ නැති බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට කොන්දක් තිබේ නම් ඊයේ විනය විරෝධීව හැසිරුණු මන්ත්‍රීවරුන් ගැන දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න...
ඔයා දැන් සුදනා වගේ කිව්වාට ඔය කළේත් ඔය ටිකම තමයි. දැන් ජනාධිපති පුටුවේ ඉඳගෙන කරන්නෙත් රාජපක්ෂ තර රචනය කරන රඟපෑමක් බව අපි දන්නවා...
විසඳුම ඉතා සරලයි... අනෙක් පැත්තට ගොස් විපක්ෂ නායකගේ කතාවට බාධා කළ සහ ඔහුගේ ලියකියැවිලි උදුරාගත් පුද්ගලයින්ට පාර්ලිමේන්තුව තහනම් කරන්න... නැතිනම් ජනතාව 225 එපා කියලා පාරට බැස්සොත් වෙන්නේ මහා විනාශයක්...!
මෙයා කරන්නේත් රඟපාන එකයි, විකුණන එකයි තමයි...!
පාර්ලිමේන්තුවට එන්න සුදුසු නැතැයි ජනතාව තීන්දු කළ කෙනෙක් ව්‍යවස්ථාව උගුලෙන් රිංගලා රඟන ගමන් ගහන බයිලා මේවා...!
කාටත් වඩා හොඳට රඟපාන්න පුළුවන් කියලා අපි දන්නවා.. රාජපක්ෂලාගෙයි ඔයාගෙයි ඇති වෙනස මොකක්ද? 2024 ඔක්තෝබර් වලින් පස්සේ ඔයාගේ නැටිලි ඉවරයි...
තමුන්නැහේලා ඔක්කොම ෆේල් හලෝ... බොරු එපා ඡන්දය තියන්න.
ඔබතුමාත් කාලයක් රැගුවා. කොටි ත්‍රස්තවාදී යුද්ධ කාලේ, අරගල ත්‍රස්තවාදී කාලේ ඔබතුමාත් ඒ ප්රජාතන්ත්ර විරෝධීන්ට උඩගෙඩි දුන්නා. වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න හොදම නළුවා අනුර කුමාර දිසානායක. ඔබතුමාගේ පරණ හිතවතා. යහපාලන කාලේ අර මොකක්ද හොරු අල්ලන කොමිසමක සාමාජිකයකු වශයෙනුත් කටයුතු කළේ. ඊළඟ නළුවා විජිත හේරත්. ඔබතුමාට අගමැතිකම අරන් දෙන්න පාර්ලිමේන්තුවේ මීටර 100 දුවපු ලෙන්ගතු නළුවා. සජිත්ලා, හකීම්ලා, සුමන්තිරන්ලා, නාමල්ලා වගේ නළුවන්ගේ රඟපෑම් මොනවාද කියලා හිතෙනවා අර දෙන්න සහ ඒ දෙන්නට උඩගෙඩි දෙන අයගේ රගපෑම් දැක්කාම...!
ඒ උනාට ඔය ජන බලයක් නැති මිනිස්සු ඕන තරම් පාර්ලිමේන්තුවේ රඟපාන්නේ.
ෂටප් ඇන්ඩ් සිට් ඩවුන්. පින් ජනපතියා ඉන්නේ දූෂිත පවුල් පාලනේ අයව රකින්න..
දේශපාලන නළුවන්ට මොකද උනේ ?