(සුජිත් හේවාජුලිගේ සහ   මහික වීරරත්න)

මේ සභාවේ  කේසර සිංහයන් වගේම කේසර  කප්පාදු කරපු සිංහයනුත් සිටින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

සුදු කරපටි වංචාව මේ රටේ දිගටම සිද්ධ වෙන බව පැවසූ මන්ත්‍රීවරයා  මීළඟ මැතිවරණයේදී මේ 225 න් 125ක් ම ගෙදර බවද  ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.

රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.

මම ආණ්ඩුව නියෝජනය කරන්නේ හැට නව ලක්ෂයේ ජනවරමෙන්. මම පික් පොකට් ගහලවත් පස්සෙ දොරෙන් ඇවිල්ලවත් නොවෙයි. ඔබතුමා දූෂණය කතා කළා වැඩි දැයි සමහරු ප්‍රශ්න කරනවා.  මම කතා නොකර ඉන්නවනම් මේ පාර්ලිමේන්තුවට එනවාට වඩා හොඳයි ගෙදර ඉන්න එක. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කේසර සිංහයෝ.  එහෙම අයත් ඉන්නවා. කේසර කප්පාදු කරපු පිරිසකුත් ඉන්නවා. 1977 න් පසු මේ රටේ අමිහිරිම දේශපාලන යුගය ආරම්භ වෙනවා