(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරන කතාවලට පිට ගිහින්  නඩු පැවරිය නොහැකි බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත රකින්න ඔබතුමා බැඳිලා ඉන්නවා. පාර්ලිමේන්තුවේ කරන කතා වලට පිට  ගිහිල්ලා නඩු පවරන්න පුලුවන්ද.

විපක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු කරපු කතාවකට කවුරුහරි නඩු දාලා තියෙනවා නම් ඔහු පාර්ලිමේන්තුවට කැඳවන්න. ඔබතුමාට පාර්ලිමේන්තු පනත අනුව  බලයක් තියෙනවා.