IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාර්ලිමේන්තුව අවසන් කිරීම ජී.එල් හෙළා දකියි

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේ යටි අරමුණ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පත්කරගෙන විශාල දූෂණ වංචා ඔස්සේ සාක්කු පුරවා ගැනීම බවත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ තීරණය දැඩි ලෙස හෙළා දකින බවත් ‘නිදහස් ජනතා සන්ධානයේ’ ප්‍රධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (30) පැවසීය.

එය නීත්‍යානුකූල තීරණයක් වුවත් අසාමාන්‍ය සහ සුවිශේෂි තතත්වයක් බවත් පාර්ලිමේන්තුවේ කටයුතු නැවත මුල සිට ආරම්භ කිරීමට දැරීමට සිදුවන විශාල කාලය සහ වියදමෙන් වන විශාල නසාස්තිය රට දරාගත නොහැකි නාස්තියක් බවත් ඒ මහතා කීය.

ආණ්ඩුවට ඇති බහුතරය පාවිච්චි කර මුදල් කමිටුවල සභාපති ධූර දරණ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඉවත් කර ආණ්ඩුවේ හිතවත් මන්ත්‍රීවරු පත්කර එම කමිටුවල වටිනා කාර්ය භාරය විනාශ කිරීමේ උත්සහයක් ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දූෂණ සහ වංචා පිළිබඳව එම කමිටු මේ වන විට කරගෙන යන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම මෙහි යටි අරමුණ බව ද සඳහන් කළේය.

පාරිලිමේන්තුවේ සැසිවාරය අවසන් වීම පසුගිය වසරේ ජූලි 28 වැනිදා සිදුවූ අතර ඉන් පසුව වර්තමාන සැසිවාරය අගෝස්තු  3 වැනිදා ආරම්භ කළ බව කියන මහාචාර්යවරයා පාර්ලිමේන්තු ඉතිහාසයේ මාස හතක් තුළ දෙවරක් අවසන් කළ සැසිවාර පිළිබඳව වෙනත් මතයක් නොමැති බව ද සඳහන් කළේය.

සැසිවාරය මේ අවසන් කිරීමේ කිසිඳු ප්‍රයෝජනයක් නොමැති වුවද අවාසි රාෂියක් ඇති බවත් පාර්ලිමේන්තුව ඉදිරියේ තියෙන පනත්, මෝසම්, යෝජනා, ඇමතිවරුන්ට යොමු කරන ප්‍රශ්න සියල්ලක්ම අහෝසි වීම සහ පාර්ලිමේන්තුවේ කමිටු 40 කට වඩා අවලංගු වන බව කී ඒ මහතා පැවසුවේ  රටේ මුදල් පරිපාලනයට සම්බන්ධ රජයේ ගිණුම් කමිටුව, පොදු ව්‍යාපෘති කමිටුව සහ රාජ්‍ය මුදල් පිළිබඳව කමිටුව අහෝසිවීම කැපී පෙණෙන බවත්ය.

මෙම කමිටු තුණෙන් දෙකක සභාපති ධූරවල විපක්‍ෂයේ මන්ත්‍රීවරු වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මහත්වරු සාර්ථකව කටයුතු කරමින් සිටි බව ද පීරිස් මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (3)

පාර්ලිමේන්තුව අවසන් කිරීම ජී.එල් හෙළා දකියි

sharm warn Monday, 30 January 2023 04:42 PM

ඔව්... ඔව්. ඔයාලගේ මහ ලොකු ජනාධිපතිට ඡන්දෙ තියන්න සල්ලි නැති වුණාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි, පාට් දාන්නයි ලෝභ නැතිව වියදම් කරනවා. මිනිස්සුන්ගේ පඩි පතට කෙළලා. තව පුච්චන කතා කියනවා. ඔහෙලත් මේ අපරාධවලට වගකියන්න ඕනෑ...

:       6       14

anaTuesday, 31 January 2023 03:40 AM

කරන කලට පව් මීරිය මී සේ..........................එයාලා බලයේ ඉන්නකොට කළා නම් හොදයි.

:       0       0

Jayalath Tuesday, 31 January 2023 05:42 AM

මූ ලංකාවට කරපුදෙයක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site