
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අතිකාල හා දීමනා ගෙවා ඇත්තේ ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් කාලය සනාථ කර ගැනීමෙන් තොරව බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
රුපියල් ලක්ෂ තිහකට වැඩි අතිකාල දීමනා එසේ ගෙවා තිබිණැයි පැවසේ.
රාජකාරී වෙලාවෙන් පසුව වේලාව පදනම් කරගනිමින් ගෙවනු ලබන අතිකාල හා දීමනා සඳහා කාලය පදනම් කරගන්නේ නම් එම කාලය ඇඟිලි සලකුණු යන්ත්‍රයෙන් තහවුරු කර ගතයුතු බව 2009 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන්වේ.
මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ අභ්‍යන්තර විගණන කර්තව්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ
මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු ක්‍රමයට ගෙවලා තියෙන්නේ. මෙයා ජනාධිපතිකමට තියා තේ කඩයක, ගොවිතැනටවත් සුදුසු නෑ.
විනයක් නැති පාලනයකින් පෙට්ටි කඩයක්වත් දියුණු කළ හැකිද?
හොරු මහන්සියනේ හම්බ කරපුවා නෙමෙනේ.. ඒකයි.
ඩෙන්මාර්ක් ඔහොම නම් මේ අයට බලය ලැබුණොත් කොහොම තියෙයිද?
නෝනගේ සැලුන් එකේ වැඩටත් රජයේ සේවකයෝ දැම්මා , කොහොමද මෙයා නිකමටවත් ජනාධිපති වුනානම්
පාර්ලිමේන්තු විපක්ශ නායක කර්‍යයාලය රජයේ ආයතනයකි. එහි පරිපාලනය සිදුවන්නෙ පාර්ලිමේන්තු කටයුතු කාර්‍යමන්ඩලයෙන් මිස විපක්ශනායක නොවෙයි. ඒ ගැනවත් නොදන්න අයගෙ මෙහි පල කර ඇති අදහස් වලින් පෙනෙන්නේ හැමදේම දේශපාලනයට ගාව ගෙන මඩ ගැසිම නොවේද
පොඩි කාර්යාලයක්වත් කරගන්න බැරුවද බං මේ රටක් කරන්න ඉල්ලන්නේ?
මෙහෙම අය තමයි රට ගොඩ ගන්න එනවා කියලා බෙරිහන් දෙන්නේ. යකෝ පළමුව ආදර්ශයක් දෙන්න ඕනේ නැද්ද?