IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පාර්ලිමේන්තු වටරවුමේ ගුරු උද්ඝෝෂණයක්

 

 

(ශාන්ත රත්නායක)

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාලව මෙවර අයවැයෙන් කටයුතු කරන බවට රජය විසින් දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී එහෙත් මෙවර අයවැයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොකිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක්  අද (01 ) බත්තරමුල්ල  පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පැවැත්විණි.

එයට ගුරුවරු හා විදුහල්පතිවරු රැසක් සහභාගි වී සිටියහ.

 



අදහස් (14)

පාර්ලිමේන්තු වටරවුමේ ගුරු උද්ඝෝෂණයක්

nalaka Tuesday, 01 December 2020 09:55 AM

මෙයාලට බැහැ නම්.., නිකන් දෙන පඩියට නවක පත්වීම් ලැබූ උපාධිදාරී අපි ළමයින්ට උගන්නන්න ලෑස්තියි.

:       29       31

anaWednesday, 02 December 2020 07:47 AM

අනේ මලේ මාස කීපයක් උගන්වලා බලපන්කෝ වැඩේ ලේසිද කියලා. හැබැයි උගන්වනවා කියන්නේ දන්න දේ කියලා දෙන එක නම් නොවේ.

:       2       9

nalakaWednesday, 02 December 2020 12:48 PM

අනේ මේ සමාවෙන්න අයියා.. ඔයා එහෙම ඔයා එහෙම අවංකවම උගන්වනවා ඇති. එහෙම කෙනෙකුට මේ ලැබෙන පඩිය මදි තමයි. ඒත් මම දැකලා නැහැ අපි ඉස්කෝලෙ ගිය කාලේ.. අපිට එහෙම උගන්වනවා.

:       2       4

දොලේවත්තWednesday, 02 December 2020 10:34 AM

උපාධිය මහමෙරක් කියලා හිතන්න එපා... ගුරුකමයි, උපාධියයි දෙකක් පටලවා ගන්න එපා... කලා උපාධිධාරීන් බොහෝ ගුරුවරු නවීන අධ්‍යාපන අභියෝග ඉදිරියේ ෆේල්...

:       3       5

nalakaWednesday, 02 December 2020 01:06 PM

ඔය කියන කතාව ඇත්ත. ඒ කලා උපාධි කාරයෝනේ... ඒ වගේ අය තමයි මේ වගේ රටට අමාරු මොහොතක මෙවැනි බොළඳ වැඩ කරන්නේ..එවැනි කලා උපාධි ධාරීන් හෝ කලා අංශයෙන් විද්‍යාපීඨ ගිය අය තමයි රටේ බහුතරයක් ගුරුවරු... එතැන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි උපාධිය හරියට ගත්ත කෙනෙක්ට ඕවා අදාළ නැහැ.

:       1       1

pushkara Tuesday, 01 December 2020 11:39 PM

දැන් සැපද?

:       0       2

mihira Wednesday, 02 December 2020 04:31 AM

කල ගුණ නොදත් රජයේ සේවකයන්ට මේවා හොද පාඩම් අනේ ලැබෙන්නම එපා වැඩි පඩි.

:       7       5

deeeWednesday, 02 December 2020 06:11 AM

පොලීසියේ පීසී ගේ පඩිය දීමනා සමග කීයද කියලා දන්නවද ඔහේ හැබෑටම..?

:       1       6

mihira Wednesday, 02 December 2020 06:48 AM

ඒ දෙක සමාන කරන්න බැහැ... පොලීසිය පැය කීයක්, දවස් කීයක් වැඩද? හොර ගුරුවරුන් පැය කීයක් දවසට, මාසෙට වැඩ කරනවද?

:       7       5

ජනිත් Wednesday, 02 December 2020 04:46 AM

මේ ගොල්ලෝ පඩි වැඩි කරන්න උද්ඝෝෂණය කරනවා වගේ ළමයින්ට පාසල් වෙලාවේදී හරියට උගන්නනවා නම් මෙච්චර ටියුෂන් කඩ බිහිවෙයිද?

:       7       9

ana Wednesday, 02 December 2020 07:45 AM

හොඳ වැඩේ. දේශපාලකයින් වෙනුවෙන් ඡන්දයේදී සාමාන්‍ය මිනිසුන් රවටා ඡන්දේ අරන් දෙන කණ්ඩායමේ දෙවැනියට ඉන්නේ ගුරු විදුහල්පතිවරු. මමත් ගුරුවරයෙක්.. ඒත් ඇත්ත ඒක තමයි...

:       1       6

chandana Wednesday, 02 December 2020 08:45 AM

පවතින කොරෝනා ව්‍යවසන තත්වය හමුවේ මෙවැනි ඉල්ලීම් කරන්නේ නම් ඒ කිසිවකුත් පොලොවේ පයගසා සිටින්නවුන් නොවේ. මෙම වර්ෂයේ මාස ගණනාවක්ම කිසිම සේවකයකු සිය උපරිම කාලය සේවයේ යෙදී සිටියා විය නොහැක. තවත් ඉදිරියටත් සෑහෙන කාලයක් එලෙස පූර්ණ සේවා කාලයක් රාජකාරියේ යෙදීමටද නොහැකි වනු ඇත. එවැනි තත්වයක් මත ගතවූ 2020 වර්ෂය වෙනුවෙන්ද, පැමිණෙන 2021 වර්ෂය වෙනුවෙන්ද පඩි වැඩිකිරීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන්නේ නම් එයින් හැඟවෙන්නේ නිකම් සිටිම වෙනුවෙන්ද රජය මුදල් වෙන් කරන බවයි. වත්මන් රජය එතරම් අඥාන විය නොහැක. මෙවැනි ව්‍යසන තත්වයකදීත් යම් යම් කණ්ඩායම් මෙලෙස වහසි බස් දොඩන්නේ ඔවුන් ගුරුවරුන් වී ඇත්තේ ගිරවුන් මෙන් කියවා ගත් දැනුමින් පමණක් වන අතර මෙලෝ හසරක් නොදන්නා ලිං මැඩියන් වන බැවිනි. සමස්ත ලෝකයේම රැකියා අවස්ථා අහිමි වී යන මෙවන් ව්‍යසන තත්වයකදී මෙලෙස කේවල් කරමින් පාරට බසින අයට සදාකාලිකවම පාරේ සිටීමට හෝ නිවසටම වී කාලය ගත කිරීමට වාසනාව උදාකරදී, එම රික්තයට උපාධිධාරී නවකයන් පත්කර පුහුණු කරගැනීම අනාගතයට යහපත් වනු ඇත. ගුරුවරයකු වූ පමණින් ඔවුන් සියල්ල දන්නො නොවෙති. එහෙත් අවංක ගුරු උතුමන්ලාට ගෞරවය පුද කරමි.

:       7       5

දොලේවත්තWednesday, 02 December 2020 10:37 AM

පහුගිය අවුරුදු 72 පුරා රුපියල් ට්‍රිලියන 10කට වඩා කාබාසිනියා කළ දේශපාලකයින්ට ඔය හෑල්ල කිව්වොත් නරකද?

:       2       6

chandanaWednesday, 02 December 2020 05:35 PM

දේශපාලකයන් පත්කරන්නත්, ඉවත්කරන්නත් ඉතා හොඳ ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි මහජන මතය, ඡන්දය. ඒ අවුරුදු 72 දී වසර හයෙන් හයට එලෙස ඕනෑතරම් පිරිසක් ජනතාව විසින් ගෙදර යවලා ඇති. ඒ වගේම වසර හයෙන් හයට අළුතෙන් පත් කරලත් එවා ඇති. ඒ දෙකම ජනතාව තීරණය කරලා කරපු දේවල්... ඒත් මේ අයව පත්කරන්නෙත් අපි නෙවෙයි. මේ වගේ වෙලාවට ඉවත්කිරීමේ බලය තියෙන්නෙත් අපිට නෙවෙයි. වසර 72 කෙසේවෙතත් මට ඡන්ද බලය ලද අවස්ථාවේ සිට මම දේශපාලකයින්ට ඡන්දයෙන් ඒක කියලා තියෙනවා. ඒත් මේ අයට ඡන්දයෙන් කියන්න බැරි නිසා මේ වගේ අවස්ථාවක කියනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site