



(ශාන්ත රත්නායක)
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාලව මෙවර අයවැයෙන් කටයුතු කරන බවට රජය විසින් දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී එහෙත් මෙවර අයවැයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් වෙන් නොකිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (01 ) බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට පැවැත්විණි.
එයට ගුරුවරු හා විදුහල්පතිවරු රැසක් සහභාගි වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට බැහැ නම්.., නිකන් දෙන පඩියට නවක පත්වීම් ලැබූ උපාධිදාරී අපි ළමයින්ට උගන්නන්න ලෑස්තියි.
දැන් සැපද?
කල ගුණ නොදත් රජයේ සේවකයන්ට මේවා හොද පාඩම් අනේ ලැබෙන්නම එපා වැඩි පඩි.
මේ ගොල්ලෝ පඩි වැඩි කරන්න උද්ඝෝෂණය කරනවා වගේ ළමයින්ට පාසල් වෙලාවේදී හරියට උගන්නනවා නම් මෙච්චර ටියුෂන් කඩ බිහිවෙයිද?
හොඳ වැඩේ. දේශපාලකයින් වෙනුවෙන් ඡන්දයේදී සාමාන්‍ය මිනිසුන් රවටා ඡන්දේ අරන් දෙන කණ්ඩායමේ දෙවැනියට ඉන්නේ ගුරු විදුහල්පතිවරු. මමත් ගුරුවරයෙක්.. ඒත් ඇත්ත ඒක තමයි...
පවතින කොරෝනා ව්‍යවසන තත්වය හමුවේ මෙවැනි ඉල්ලීම් කරන්නේ නම් ඒ කිසිවකුත් පොලොවේ පයගසා සිටින්නවුන් නොවේ. මෙම වර්ෂයේ මාස ගණනාවක්ම කිසිම සේවකයකු සිය උපරිම කාලය සේවයේ යෙදී සිටියා විය නොහැක. තවත් ඉදිරියටත් සෑහෙන කාලයක් එලෙස පූර්ණ සේවා කාලයක් රාජකාරියේ යෙදීමටද නොහැකි වනු ඇත. එවැනි තත්වයක් මත ගතවූ 2020 වර්ෂය වෙනුවෙන්ද, පැමිණෙන 2021 වර්ෂය වෙනුවෙන්ද පඩි වැඩිකිරීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන්නේ නම් එයින් හැඟවෙන්නේ නිකම් සිටිම වෙනුවෙන්ද රජය මුදල් වෙන් කරන බවයි. වත්මන් රජය එතරම් අඥාන විය නොහැක. මෙවැනි ව්‍යසන තත්වයකදීත් යම් යම් කණ්ඩායම් මෙලෙස වහසි බස් දොඩන්නේ ඔවුන් ගුරුවරුන් වී ඇත්තේ ගිරවුන් මෙන් කියවා ගත් දැනුමින් පමණක් වන අතර මෙලෝ හසරක් නොදන්නා ලිං මැඩියන් වන බැවිනි. සමස්ත ලෝකයේම රැකියා අවස්ථා අහිමි වී යන මෙවන් ව්‍යසන තත්වයකදී මෙලෙස කේවල් කරමින් පාරට බසින අයට සදාකාලිකවම පාරේ සිටීමට හෝ නිවසටම වී කාලය ගත කිරීමට වාසනාව උදාකරදී, එම රික්තයට උපාධිධාරී නවකයන් පත්කර පුහුණු කරගැනීම අනාගතයට යහපත් වනු ඇත. ගුරුවරයකු වූ පමණින් ඔවුන් සියල්ල දන්නො නොවෙති. එහෙත් අවංක ගුරු උතුමන්ලාට ගෞරවය පුද කරමි.