IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු මහලේකම්ගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයා  විසින් 2022 අගෝස්තු මස 03 වැනිදා පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් විවෘත  කිරිමට නියමිත බැවින් එම අවස්ථාවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කිරිමට අදාළ ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ (www.parlaiment.lk) දැනටමත් උඩුගත කර  ඇති බවද මහලේකම්වරයා දන්වා සිටී.

ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය වාර අවසාන කරමින්  ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය ඇතුළත් 2022.07.28 දිනැති අංක 2290/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත  කිරීමට අදාළ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සහ එදිනට අදාළ විස්තර සටහන පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්  පරිශීලනය කළ හැකි බවද  මහලේකම්වරයා දැනුම් දෙයි.



අදහස් (0)

පාර්ලිමේන්තු මහලේකම්ගෙන් සියලු මන්ත්‍රීවරුන්ට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 278 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 764 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 141 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site