IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම මුද්දරයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද නිකුත් කෙරිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී අද (06) සිදුවිය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කෙරිණ. මේ මගින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට  නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති  අංගජන් රාමනාදන්, අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය  ශාන්ත බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක  ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ද  පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, තැපැල්පති එම්.ආර්.පි. සත්කුමාර යන මහත්ම මහත්මීන්  ඇතුළු  පිරිසක්ද  සහභාගිවූහ.



අදහස් (7)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම මුද්දරයක්

Pet Thursday, 06 July 2023 02:40 PM

ගරු ?

:       0       0

DHARMATILEKE Thursday, 06 July 2023 02:52 PM

මුද්දරයේ මන්ත්‍රීගේ මුහුණ තිබුනා නම් .සීල් එක ගහලා හිත සතුටු කරගන්න තිබුනා

:       0       0

Nimal Thursday, 06 July 2023 04:21 PM

ඇයි මුද්දර විතරද ? ගහන්නකෝ මුදල් නෝට්ටු. කාර් ව‌ගේ දේවලුත්

:       1       6

Kazi Shajahan Thursday, 06 July 2023 04:38 PM

සෙන්කෝලයට වඩා හොඳයි zoo එකේ ලකුණ දැම්මා නම්

:       0       1

ravin Thursday, 06 July 2023 05:16 PM

නරකද වහුකුණු මුහුණු ටික දාලාම මුද්දරේ ගැහුවා නම්... කෙළගහන හැටි බලාගන්න පුළුවන් වේවි...

:       0       1

ගමේ එකාලා Thursday, 06 July 2023 05:24 PM

මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? හොරාකාලා යහමින් මඩිය තරකරගත්තු අයට මුද්දරය මොකද්ද?

:       0       0

Bunny Preena Friday, 07 July 2023 02:00 PM

ලියුම් කවර ටිකකුත් දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site