(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවෙහි චමල් රාජපක්ෂ ,රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක , ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරු සාමාජිකයෝ වෙති.