
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හරින් ප්‍රනාන්දු සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවූ ගුටිබැට හුවමාරුව සහ හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට තහනම් ද්‍රව්‍ය කීපයක් රැගෙන ඒ මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් පත් කිරීමට තමා තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වූයේ අද (22 )පැවැසී ය.
එම කමිටුව ඉදිරියේදී ලබා දෙන තීරණ අනුව තමා කටයුතු කරන බව ද කතානායක වරයා කීය . පාර්ලිමේන්තුවේ දී හා ඉන් පිටතදී ඊයේ සිදු වූ එම සිදුවීම් ඉතා අවාසනාවන්ත මෙන්ම ලැජ්ජා සහගත බව කී අබේවර්ධන මහතා එවැනි සිදුවීම් කිසිවකුත් අනුමත නොකරන බව ද බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කළ සභානායක සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හා ඉන් පිටත දී සිදුවූ එම නොගැළපෙන සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මිරිස් කුඩු ගහපු අයට දඬුවම් කලා වගේද?
හරීන්වත් ඇතුළට දායිවගේ තමයි පේන්නේ.. නන්දසේන කියන නම කිව්වොත් කේස් තමයි..
වැස්සකටවත් පාසලකට ගොඩ නොවෙච්චි හැබිචෝල් කාරයින් පාර්ලිමේන්තු එව්වේ කවුද කියලා පරීක්ෂණයක් පවත්වන එක ඔයිට වඩා හොඳයි. "ලබන මැතිවරණයේදී හොරුන්, දූෂිතයින් එලවා පොදුජන පෙරමුණෙන් උගත් බුද්ධිමතුන් කණ්ඩායමක් දිස්ත්‍රික් මට්ටමෙන් පාර්ලිමේන්තුවට ගෙන එන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට" ජනාධිපතිතුමා කටයුතු කරන බව අන්තර් ජාලයේ පලවී තියෙන වාර්තාවක සඳහන්ව තියෙනවා මම දැක්කා. හොරු කවුද කියලා තීන්දු කිරීමේදී භාවිතා කරන මිනුම් දණ්ඩ මොකද්ද කියලා නම් එම වාර්තාවේ තිබ්බේ නැහැ. දුෂණ චෝදනා සහ උසාවිවල නඩු එකක් නොව බර ගණනාවක් වැටී තිබුණු කට්ටිය මුලටම අයින් කරන්න ගියොත් අලි ජංජාලයක් තමයි වෙන්නේ...
මුඩුක්කු රාජ්‍යයක මුඩුක්කු පාර්ලිමේන්තුවට... අද හරිම ලස්සනට ලියැවිලා තියෙනවා.
"රන්ජන් රාමනායකට කළා වගේ මේ වනවිට ආණ්ඩුවට දැඩි හිසරදයක් වී තිබෙන එක්තරා මන්ත්‍රී වරයෙකුගේ කට වසා දැමිය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ කතාබහ වී ඇති බවත් ඇතැම්විට ඉදිරි දින කිහිපය තුළ පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔහු සිදුකළ ප්‍රකාශයක් අල්ලා ගනිමින් හෝ පාස්කු ප්‍රහාරය එල්ල වන බව දැන දැනම එය හෙලිදරව් නොකර නිහඬව සිටි බවට චෝදනා කර හෝ අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇති බවත්" අද අන්තර්ජාලයේ පළකර ඇති වාර්තාවක දැක්වෙනවා. ජනමාධ්‍යය සහ අන්තර් ජාලය පාලනය කළ යුතුබවට ඉදිරිපත් වී ඇති යෝජනා ගැණත් කතා බහට ලක්වී තියෙනවලු. ඇත්තද බොරුද කියලා අපි නම් දන්නේ නෑ. පාර්ලිමේන්තු ගැටුම ගැන පරීක්ෂණයක් පවත්වන එක මේ කතාවට සම්බන්ධ නැතුව ඇති...
පාර්ලිමේන්තුවේ පිටතදී කරන මර්දනය දැන් ඇතුළටත් ගේන්න වගේ හදන්නේ... අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන්න.
මේ පිරිස ජනතාවගේ මුදල්වලින් සුදු ඇඳගෙන ලොකු වාහන වලින් පාර්ලිමේන්තුවට වෙලා කරන කියන දේවල් වලින් රටට නම් සෙතක් ශාන්තියක් වෙයි කියලා බලාපොරොත්තු නොවෙමු.