(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
එමෙන්ම දේශපාලනයට පිවිසෙන සියලු දෙනා වත්කම් බැරකම්වලට අමතරව බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් ගෙන එන්නේ යැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය කාර්ය මණ්ඩලවලට පිවිසෙන සාමාජිකයන්ද බදු ලිපිගොනු විවෘත කළ යුතු බව ප්‍රකාශ කළේය.
'රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් කුකුසක් ඇති වෙන්න දෙන්න බැහැ" යැයිද ඔහු පැවසුවේය.
සියඹලාපිටිය මහතා මෙසේ පැවසුවේ ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය
ලබන අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු අවුරුදු 18 ට වැඩි වැඩි සියලු සියලුදෙනාට බදු ලිපිගොනුවක් හඳුන්වා දෙන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඉන් අදහස් වන්නේ සියලූ දෙනාගෙන් බදු ගැනීම නොවන බවද සඳහන් කළේය.
ආණ්ඩුව ජනතාවට මුදල් දෙන්නේද එම ලිපිගොනු හරහා බව ඔහු කීවේය.
බදු ගැන ඇහුවාම අද බොහෝ දෙනා බිය වන බවත් ඒ බියද නැති කළ යුතු බවත් සියඹලාපිටිය මහතා පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු 225 ට බදු ලිපිගොනු
Nimal Friday, 09 June 2023 01:50 AM
බොරු වැඩක්... මේ අය තොත්ත බබාලා නෙවෙයි. සූත්තර ඔක්කොම දන්න හොරු ටිකක්. බදු ලිපි හැදුවට වැඩක් නැහැ. වෙන වෙන අය ගාව හොරාකාපු සල්ලි දාලා තියයි. වැඩිදෙයක් ඕනෑ නැහැ. රාජිතට කොහොමද නැව් තියන්න තරම් ආදායමක් ආවේ...? බොරු වැඩ නොකර මේවා හොයලා බලන්න...
Bamunuarachchi Friday, 09 June 2023 12:15 PM
මේ රටේ සියළුම දෙනාට බදු ලිපිගොනු විවෘත වෙනවා නම් මේ 225 ගැන අමුතු කථා මොකද? මොවුන් බදු ගෙවන්නේ නැතිනම් රටේ ජනතාවත් බදු ගෙවිය යුතු නැත...