(කේ බුද්ධික කුමාරසිරි)

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්නට යන අයට පහර දීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගත් සමාජ  මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තා  රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත් සංජය ධනුෂ්ක මහතා නියෝග කලේය

චන්දික අබේරත්න නැමැත්තාට තමන්ට පහර දුන් බව පවසමින් සැකකාර ප්‍රියත් නිකේෂල යන අය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තලංගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර කටයුතු සිදු වූ බැවින් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහල වෙත ගොස් සැකකරැ පරීක්ෂා කර අදාල තීන්දුව ලබා දුන්නේය.

සැකකරැ වෙනුවෙන්  නීතිඥවරුන් වන ජයන්ත දෙහිඅත්තලේ සහ තනුක නන්දසිරි යන අය පෙනී සිටින ලදී