
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරි වසර පහේදී සම්පූර්ණයෙන්ම සාදා අවසන් කරන බව ද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පඬුකරඳ ගහක් වට කරගෙන උද්ඝෝශණ කරලා අධිවේගේ වැඩ පරක්කු කරපු දේවානි ජයතිලක මාලිමාවෙන් ඡන්දෙත් ඉල්ලුව නේද? ලංකාවෙ උන්ට ටිකට සති 2ක් විතරක් මතක තියෙන හින්දා හොඳයි ඉතින්.
අර ගම්පහ මීරිගම කොටසේ අලාභය දේවානි නෝනගෙන් ඉල්ලගන්න... එයාල පිස්සු නැටුවේ නැත්තං එම කොටස මෙලහකට හදලා....
තවමත් පසුගිය ආණ්ඩුවලට කඩේ යන අයට ලැජ්ජාවක් නෑ. මොනවාහරි හේතුවක් කිය කියා රට විනාශ කරපු අපරාධකාරයින්ටම කඩේ යනවා.
වරද අපේ නොව එවකට සිටි ප්‍රවාහන ඇමැතිවරයාගේ සහ ඔහුගේ නිලධාරීන්ගේය. ඔවුන්ගේ අතපසුවීම් සඳහා ඔවුන්ට යම් ආකාරයකින් දඬුවම් කළ යුතු නොවේද?
මෙික මඟනැවතීමට මූලික හේතුව රටේ සල්ලි නැතිවීම නෙවෙයිද?
ජේවීපිය කොටස්කරුවන් වු යහපාලන නඩය මේ පාඩුවේ මූලික වගකියයුත්තෝ. ඊටපස්සේ පඬුකරඳ ගහක් අල්ලගෙන නාඩගමක් නැටුවා. 76 වසරක සාපය කවුද කියලා ඉදිරියේදී ඔප්පු වෙයි
කෝටි 20,000 විශාල මුදලක්, එත් ගිය අවුරුද්දේ සීයාට පින්සිද්ද වෙන්න විදුලිය බල මණ්ඩලයේ ලාබය කෝටි 14,000යි. මේ ආණ්ඩුව ඒ ලාබය 99% අඩු කරගෙන යයි ප්‍රවෘත්තියක් අපි ලංකාදීප පත්රයෙන්ම දැක්කා. යාලුවනේ ලාබෙ වැඩි වෙලා නෙවේ හොඳේ
ඔව් මිනිසුන්ට මතක නෑ, උඹලා ගහක් අල්ලාගෙන නටපු නාඩගම
කෝ මේ යෝගා…..?
ඉදිරි වසර පහ තුළ කුමක් සිදුවේදැයි අපි බලා සිටිමු. මෙම රජය මහජනතාව සඳහා මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
පෝට් සිටිය, මත්තල ගුවන් තොට, හම්බන්තොට වරාය ආදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, තමන් තුළ ගොජ දමමින් පවතින කුහකකම නිසාම කල් දැමීමට කටයුතු කළ ජවිපෙ ප්‍රමුඛ යහපාලන නඩය, ප්‍රමාද ගාස්තු වශයෙන් එම ව්‍යාපෘති සඳහා ගෙවූ මුදල අති විශාල ය. කිරිඅල්ලකරණය වූ මධ්‍යම අධි වේගය හොර ගුහාවක් බවට පත්වීම ඇතුළු මේ සියලු මුල්‍ය අපරාධවලට ජවිපෙ ද වගකිව යුතුය. "මං සුදනා" න්‍යායයෙන් අනුන්ට පටවන්නට උත්සහ කරන සියලු වැරදිවල සැලකිය යුතු කොටසක් ජවිපෙයට ද ඇත. ඔවුන්ගේ දායක සබාවට හැර සාමාන්‍ය සිහි බුද්ධිය ඇති ඕනෑම අයකුට ඒ වග වැටහෙනු ඇත.
@ගුණරත්න ගොයියෝ , සීයට පින් සිද්දවෙන්න ? බංකොලොත් කරලා බිල 300% කින් වැඩිකරපු එකට දැන් සිලිඩර් බයියෝ සීයට පිනුත් දෙනවා
මේ ආණ්ඩුව දැන් කරන්නෙ එක එක ඒවා පෙන්ව පෙන්වා ඉන්නවා. ඒ කාලෙ අනුර මහතා ඇහුවා අධිවේග මාරුග කන්නද කියලා. කට උල්කර කර ඇහුවේ. මේ මහා දැවැන්ත සංවිධාන වලට කුහකව මඩ ගැහුවා. ඒවායින් රටට වෙන සෙත ගැන කතා කළේ නෑ. කොරෝනා නිසයි මේවා නතර වුණේ.
ගස් යට රා බිබී හිටපු උන් දියවන්නාවට දාගෙන උන හදියක්
ලංකාවේ මිනිස්සු මෝඩයි. පේන්නේ කරපු වැඩකින් මාටියා ගහපු කෑල්ලෙන් රටට වෙච්චි හානිය පමණයි. ඒත් ඇත්තටම රටට වැඩිම විනාශය කළේ වැඩවලට බකට් ඇදපු ජෙප්පන් සහ වැඩ මන්දගාමී කරපු යහපාලනයයි.