
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපල සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
සොරාගෙන ගිය දේපල අතර ආහාර පරික්ෂා කිරීම් සඳහා යොදාගන්නා වර්ග දෙකකින් යුත් රසායනික ද්‍රව්‍ය බෝතල් 7 ක් හා පරික්ෂා කිරීම සඳහා තබා තිබූ සූදුරු පැකට් තුනක් වන බව එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයෙකු පැමිණිලි කර ඇත.
බොරැල්ල ඇල්විටිගල මාවතේ වික්ටෝරියා පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පළමු මහලේ පිහිටි රසායනාගාරයේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන කටයුතු සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තිබුනත් වැඩක් නෑ
ආරක්ෂාව ප්‍රමිතියකට තිබිල නැති වගේ