
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය ‘කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගනිමින් එම ආයතනයට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කිරීමට අවස්ථාව උදාකළ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ.
මේ තුළින් ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගෙවිය යුතු ගාස්තු ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට ගෙවිය හැකි යැයි. කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
මේ අනුව, www.combankdigital.com වෙබ් අඩවිය සහ එහි IOS සහ Android ජංගම දුරකතන අයදුම් මෙන්ම Huaweiජංගම දුරකතන අයදුම මගින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පෞද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට ඒ මොහොතේම අන්තර්ජාල ගෙවීම් කිරීමට බැංකුව විසින් අවස්ථාව ලබාදී තිබේ.
ගනුදෙනුකරුවන් කොතනක සිටියත් ඔවුන්ට පහසු සහ ආරක්ෂිත ඩිජිටල් බැංකු කරණ අත්දැකීමක් ලබාදීම සඳහා මෙම පද්ධතිය කර්මාන්තයේ ඉහළම මට්ටමේ ආරක්ෂිත ප්‍රමිතීන්ගෙන් සුරක්ෂිතභාවයට පත්කර තිබෙන බව බැංකුව සඳහන් කරයි. කඩදාසි භාවිතා නොකරන මෙම ක්‍රියාවලිය සඳහා ගනුදෙනුකරුවෙකුට තම ගනුදෙනු සිදුකිරීමට බැංකු ශාඛාවකට හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යාලයට යෑමට අවශ්‍ය නොවේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ඇති කරගත් මෙම ඒකාබද්ධතාවය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී, හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොම්බෑන්ක් ඩිජිටල් පද්ධතියට එක්කළ නවතම රජයේ ආයතනය වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි. තාක්ෂණය විසින් උදාකර දී තිබෙන සෑම අවස්ථාවක්ම ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා යෙදවීමට බැංකුව කටයුතු කරනවා. මේ තුළින් ගනුදෙනුකරුවන්ගේ පහසුව වර්ධනය කරමින් ඔවුන්ට තිබෙන පෞද්ගලික ඩිජිටල් උපකරණ මගින් කරදරයකින් තොරව කාලීනව දෛනික බැංකු කටයුතු කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ඩිජිටල් බැංකු කරණ ධාරිතාව කොමර්ෂල් බැංකුව විසින් අඛණ්ඩවම වර්ධනය කරනවා.’
595
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රමිති ආයතනයට ක්ෂණික අන්තර්ජාල ගෙවීම් කිරීමට කොම්බෑන්ක් ඩිජිටල් පහසුකම්