IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්‍රභා සමරන්න කප්පම් ඉල්ලූ හිටපු කොටි සාමාජිකයා අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කෝටි දහයක ලොතරැයි ජයග්‍රහණයක් ලබා සිටී බව කියන අයකුගෙන් මහවිරු දිනය සැමරීමට යැයි කියමින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළේ යැයි පැවසෙන එල්ටීටීඊ සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලීසිය පවසයි.

එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශ හිටපු සාමාජිකයා  තර්ජනය කළ බවට ලැබුණු  පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා එම හිටපු එල්ටීටීඊ සාමාජිකයා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලීසිය පවසයි.

ඉල්ලා සිටින කප්පම් මුදල ලබා නොදුනහොත් කොකාවිල් හි මංගල්‍යය පැවැත්වීමට ඉඩ නොදෙන බවට ද අත්අඩංගුවට ගත් සැකකරු තර්ජනය කළ බවට එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව කියති.

මෙම පැමිණිල්ල කළ අය කෝවිල් කමිටුවක ක්‍රියාකාරී සාමාජිකයකු බව ද පොලිසිය සදහන් කරයි.

පැමිණිලිකාර පුද්ගලයාට මීට වසර 3 පමණ ඉහතදී ලොතරැයි පතක් සඳහා රුපියල් කෝටි දහයක මුදලක් ජයග්‍රහණය කර ඇති අයකු යැයි දඋසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ මෙම සැකකරු එම සංවිධානයේ මඩකලපුව ප්‍රදේශයේ බුද්ධි අංශ සාමාජිකයකු ලෙස කටයුතු කළ අයකු බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය විණි යැයිඑම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

 



අදහස් (3)

ප්‍රභා සමරන්න කප්පම් ඉල්ලූ හිටපු කොටි සාමාජිකයා අල්ලයි

රංබොඩ Monday, 27 November 2023 11:28 PM

ආයුධ අතට අරන් හොරා කාපු එකයි මංකොල්ල කාපු එකයි තමයි පුපුරුද්ද.

:       0       0

manjula Tuesday, 28 November 2023 10:38 AM

මුන්ව මොන මගුලකට ආයිත් නිදහස් කලාද මන්දා

:       0       1

Hafeel Tuesday, 28 November 2023 02:00 PM

දැන් තියන කැබිනට් එකට මෙම කප්පම් කොටි සාමාජිකයා සුදුසුයි. දැනටමත් කප්පම්කාරයක් මේ කැබිනට් එකේ ඉන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site