
(ගයාන් සූරියආරච්චි)
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මේවන විට වැල නොකැඩී ඇමැති ආරක්ෂක කොට්ඨාසයට වාර්තා කරමින් රාජකාරී ගිනි අවි බාරදෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහසු පොලිස් ස්ථානයක් අනුයුක්ත කොට්ඨාසයෙන් ඉල්ලා සිටිය හැකි අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සමග සාකච්ඡා කර අදාල පොලිස් ස්ථානවලට යෙදවීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන් හැර දිවයින පුරා සිටින අනෙකුත් සියලුම ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරීහු ඇමැති ආරක්ෂක කොට්ඨාසයට ඉකුත් දා (24) කැඳවනු ලැබූහ.
ප්‍රභූ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් 1300 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුණි.
ඒ අනුව සියලුම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ ධූර ඉකුත් (24) වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග සියලුම මන්ත්‍රීවරුන්ගේ ධූර එදින පටන් අවලංගු විය.
එම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවා තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සහ මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ද ඉවත් කරනු ලැබීය.
වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව අධිකරණ නියෝගයක් මත විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නියෝග කර ඇති පාර්ලිමේන්තු හෝ පළාත් නියෝජනය කළ හෝ ආණ්ඩුකාර ධූර දැරූ ප්‍රභූවරුන් සිටී නම් ඔවුන් වෙත පමණක් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන බව ද ඇමැති ආරක්ෂක කොට්ඨාසය පවසයි.
2025 දෙසැම්බර් මස 18
691
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
SL Sunday, 29 September 2024 03:24 PM
මේ නිලධාරින්ගෙන් ලොකු සේවයක් රටට ගන්න ඕනේ. මොවුන් හරියට වැඩ කලොත්, රටේම ආරක්ෂාව වැඩිවෙලා, රටේම මිනිස්සුන්ට හොඳ පරිසරයක් හැදේවි. රජයේ ආදායම කොහොම හරි වැඩි කරගත්තොත්, හැමෝගේම ජීවන මට්ටම ඉහළට ගන්න පුළුවන් වෙව්වී. කැපවෙලා වැඩකළොත්, අවුරුදු 5ක් කට්ටක් තියෙයි. දකුණු කොරියාවෙන් ඉගෙන ගමු...!
විපුලSunday, 29 September 2024 04:12 PM
දකුණු කොරියාව ගොඩගියේ ඇමරිකාව නිසා. ජපානය ඊශ්‍රායලය ගොඩගියෙත් ඇමරිකාව නිසා. අපිට මීට කළින් ගොඩයන්න චාන්ස් ආවා. එම්සීසී ගිවිසුම එකක්. ඒක අපි මිස් කරගත්තා.ඇමරිකන් හමුදාවට පහසුකම් සැපයීම. ඇමරිකාව ලංකාවේ ඇමරිකන් බේස් දාන්න ඉල්ලලා නෑ. අනුර ජනාධිපතිතුමාටත් එම්සීසී යෝජනාව එන්න පුළුවන්. මිස් කරගන්න එපා. බය නැතුව ගන්න. ඊට පස්සේ මේ රට ගොඩයන හැටි බලන්න. රනිල් ඔය ගොඩක් දේවල් කරන්න ට්‍රයි කළා. නමුත් වාමාංශිකයෝ ඔහු දේශද්‍රෝහියෙක් විදියට හංවඩු ගැහුවා. මෙතුමා කළොත් විරෝධයක් එන එකක් නෑ. අනිත් එක ලංකාවේ රාජ්‍ය සේවය ලක්ෂ 16ක් තියාගෙන රට ගොඩයාවි කියලා හිතනවාද? ඕක ලක්ෂ 6කට වත් බස්සන්න ඕන. ඔන්න රනිල් 2002 කරන්න ට්‍රයි කරලා බැරිවුණු සහ ජවිපෙ උද්ඝෝෂණ කරලා නවත්තපු වැඩ...
ගමේ එකාලා Sunday, 29 September 2024 03:48 PM
කොහෙද ප්‍රභූවරු හිටියේ. රටම හොරාකාලා කාබාසිනියා කරපු හොර දූෂිතයින් මිසක්? ඔවුන් එකා දෙකා දැන් වැලිකඩට තමා දක්කන්න වෙන්නේ...?
Edward Sunday, 29 September 2024 03:53 PM
සාන් (සාජන්) මහත්තයා මම චුට්ටක් පරක්කු වෙනවා මට අත්සන් කරන්න... (මේක කලකට පෙර රාජකාරියේ ගොස් ආපසු එමින් සිටි පරිපාලන සේවයේ සහකාර ලේකම්වරු කීප දෙනෙකු සිටි වාහනයකට බලහත්කාරයෙන් නැග රාජකාරියට බාධා කල ප්‍රභූ ආරක්ෂක පොලිස් කාරයෙක් නිසා ලැබූ අත්දැකීමක්) මෙහෙම කියලා හොරවැඩ කරමින් අයිස් ගහපු කොස්තාපල් කට්ටිය පොලිස් ස්ථානවලට දැම්මාම මොනවාද කරන්න තියෙන්නේ...?
සෙනෙවිරත්න Sunday, 29 September 2024 04:05 PM
අනේ පව්, මේ උන්නැහැලාට තනියම ජනතාව අතරට යන්නවත් දෙන්නෙ නැහැ ,කුජීත වෙනවා මේ වැඩෙන්.
සෙනෙවිරත්න Sunday, 29 September 2024 04:07 PM
බුදු දහම ආරක්ෂා කරනවා කියන්නේ තෝරාගත් කහකඩයින් කිහිප දෙනෙකුට වාහන සහ ආරක්ෂාව දීම කියලා සමහරු හිතන්නේ.!
kam Sunday, 29 September 2024 04:20 PM
ඔබ හරි. 'ප්‍රභූන්' කියලා ජාතියක් නැහැ. සියලු දෙනා මනුෂ්‍යයන් මිසක්!
ana Sunday, 29 September 2024 06:30 PM
ඔය ප්‍රභූ ආරක්ෂකයොත් දේශපාලකයින්ගේ ගැතිකම් කරකර තම තමන්ටත් කර ගත්තු අය තමයි.
pj Monday, 30 September 2024 02:57 AM
දැන් කාටවත් ආරක්ෂා වෙන්න හේතු නැහැ . ආරක්ෂාවට තර්ජනයක් වූ අය දැන් රට පාලනය භාර අරන් .ඔහොම යමු
pj Monday, 30 September 2024 08:43 AM
තමන්ට තමන්ගෙන් තර්ජන එන්නේ නෑ නේ... ඉතින් මොනවාටද ආයුධ?