
(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලිස්ථාන වලට අනුයුක්ත කර ඇතැයි වාර්තාවේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නියෝගයක් මඟින් ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබු ආරක්‍ෂක නිලධාරීන් ඉන් ඉවත් කර සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කර ඇතැයි දැනුම් දී ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්්‍ය පටිපාටික රීතී සංග්‍රහට යටතේ අදාළ මාරූවීම් ලබාදී ඇතැයි සඳහන් වේ.
ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කළ නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන්, පොලිස් පරීක්‍ෂකවරුන්, උප පොලිස් පරීක්‍ෂකවරුන්, සැරයන්වරුන්, කොස්තාපල්වරුන්, මෙන්ම මෙම නිලයන් වල කාන්තා නිලධාරීන්ද සිටින බව වාර්තාවේ.
ප්‍රභූ ආරක්‍ෂක සේවයේ යොදවා සිටියදී එම නිලධාරීන්ට ගෙවනු ලබන උපවේශණ දීමනා සාමාන්‍ය පොලිස්ථාන වලට අනුයුක්ත කළ පසු එම නිලධාරීන්ට නොගෙවීමටද වැඩබලන පොලිස්පතිවරයා අදාළ නියෝගය මඟින් නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරි. දැන් තමන්ගේම පාක්ෂිකයන්ට ප්‍රභූ ආරක්‍ෂක තනතුරු ටික දෙන්න පුලුවන්
කවුද මේ ප්‍රභූ කියන්නේ, ප්‍රභූවරුන් ඒ කාලේ ලංකාවේ හිටිය නමුත් 1977න් පසුව නැහැ... සූට් දාගෙන, මන්ත්‍රී උෂ්ණෙ පෙන්නපු අයටත් දැන් සැපද?
ප්‍රභූවරු කියන්නේ හොරුන්ට නොවේ.. හොරු රකින්න මොකටද ආරක්ෂාවක්...?
අපේ රටේ කොහේද ප්‍රභූවරු. රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන් මිසක්.. හොරුන්ට කිසිම ආරක්ෂාවක් නොදිය යුතුයි.