
( වසන්ත චන්ද්‍රපාල)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට යොදවා තිබු ආරක්ෂක අංශ රථයක යතුරු පැදියක් දමන පොලිස් වසමේ හෙළගම්පුරට හැරෙන හන්දිය අසලදි ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.
ප්‍රභු ආරක්ෂක රථය යතුරු පැදිය ඉස්සර කිරිමට යෑමේදි යතුරු පැදිය මාර්ගය දෙසට කැපීමත් සමගම යතුරු පැදිය ප්‍රභු ආරක්ෂක රථයේ වැදි මෙම අනතුර සිදුව තිබේ.
පසුව එම රථයෙන්ම අනතුරට පත් පුද්ගයින් දෙදෙනා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ.ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ සිටින අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර කරමින් සිටි.
මෙම අවස්ථාවේ ප්‍රභු ආරක්ෂක අංශයේ රථය පැදවු පොලිස් සැරයන්වරයා දමන පොලිස් ස්ථානයෙන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාණෝ ප්‍රභූවරයෙක් වෙන්නේ කොහොමද? නිධන් කඩපු, මධ්‍යම සන්ස්කෘතික අරමුදලෙන් ගසා කාපු කැසිනෝ කාරයින්ගේ පිහිටෙන් ඡන්ද ව්‍යාපාරේ කරන කෙනෙක්නේ...
කාගෙන් ආරක්ෂා වෙන්නද මෙච්චර ලොකු ආරක්ෂාවක්...?
තාත්තාගේ පුරුද්ද. ලොකු ප්‍රේමේගේ ආරක්ෂක රථවලට යටවෙලා කී දෙනෙක් මැරුණාද? දැන් මෙහෙම නම් වැරැදිලාවත් ජනාධිපති වුණොත් පාරේ යන ඔක්කොම යටකරයි. පොඩි ළමයෙකුගේ මොලයක් ඇති කෙනෙක් ජනාධිපති කරන්න රටේ මිනිස්සුන්ට පිස්සු නැහැ...!
මේවාගේ අනතුරු දිනපතාම සිදුවෙනවා. අනතුරට පත්වූ දෙපලට ඉක්මන් සුවය ලැබේවා.