(අජන්ත කුමාර අගලකඩ)
රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ,දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ද ඉකුත් බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.
මන්ත්‍රධුරයෙන් ඉල්ලා අස්වුවද දේශපාලන කටයුතුවල දිගටම නිරතවන බව ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති අතර, ඔවුන්ට ඇමතිධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත
රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ ,හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතා නැනෝ පොහොර හා චීනයේ පොහොර නැවෙන් හොයා ගත්තු තාත්ත නියම ගේම් දුන්නා. හම්බන්තොට ලුනූ ලෙවායෙන්, දැන් දන්නවා ඉස්සරහට මාටියා ගහන්න බැරි බව... ඒක නිසා හම්බ කරගත්තු එක රැකගෙන ආතල් එකේ පිටරටකට පදිංචියට යයි.
ඒ ආරංචි මාර්ග වලට අනුව ඔහු චමල් රාජපක්ෂ මහතා විය හැකියි.
ඔය පෝලිමම ගියානම් නේද හොඳ..?
කාලා, බීලා ඉවර වුණු තැනක සතෙක්වත් ඉතින් ඉන්නේ නැහැ..
වගකීම අරන් ඉවත් වෙන එක හොඳයි...
පවුල පිටින්ම යන්න...
සාම්ප්‍රදායික දේශපාලනයෙන්, පවුල් දේශපාලනයෙන් ඉවත්ව ශ්‍රී ලංකාව වෙනසක් මාවතකට, අලුත් යුගයකට, අලුත් පරපුරකට රටේ අනාගතය බාරගැනීමට අවස්ථාව සලසාදීම ඔබලාගේ යුතුකමක් මෙන්ම වගකිමකි...
දැන් හම්බ කරගෙන ඉවරයිනේ...
ලොකු අයියාට දේශපාලනය එපාවෙලා දැන් බාෙහෝම කල්...
සාටකයත් දේශයටම සාපයක්... රටත් විනාශයි...!
ඒකත් ජූලි 9 දාට සිදුවුණා නම් තමයි හොඳ. එතකොට පේලියට යනවා බලාගෙන ඉන්න පුළුවන්...!
ප්‍රබල රාජපක්ෂ චරිත දැන් නැත. සිටි එකම චරිතය තමන්ම විසින්ම පසුගිය 9 දා නැතිකරගත්තා. ස්වාධීන අදහස එයයි.
ඔය හොර හැත්ත හොරකම් කරපු ඩොලර් බිලියන 19ය ආපහු දීලා යන දේවාලයක ගියා නම් තමයි හොඳම...
ඔය පොහොර හොරාගේ කවුද?
ප්‍රබල දේශපාලන චරිත කියලා හිතාගෙන උන්නාට හිටියේ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිතයින් ටිකක්. මහාපරිමාණයේ හොරකම්, වංචා, දූෂණ කරලා ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු හොරු සෙට් එක... රාජපක්සලා හැතිකරේම අතුගෑවිලා යනවා නම් තමයි වැඩිය හොඳ... හොරාකාලා හම්බ කරගත්තුවා. ඉහටත් උඩින් ඇතිනේ?
අනේ වාසනාවන්..!
කෝටි 02කට වැඩි ජනතාව පාරට ඇදලා දාලා දැන් යනවා.. මේ රටේ රජවරු රටට, ලෝකයට ණය නොවී රටේ දියුණුවට මොන තරම් වැඩේ කරලා තියේද? එදා හදපු වැව් අමුණු නිසා අද යාන්තම් බත් ටිකක් කනවා... මේ ගොල්ලෝ ලෝකෙටම ණය වෙලා... රටම විනාශ කළා.
මයිනා ගියාට කමක් නැහැ... හොරකම් කරපු සල්ලිත් ගන්න විදියක් කල්පනා කරමු..
රාජපක්ෂලාට ස්වභාවධර්ම නීතියාගෙන් ගැලවෙන්න බැරි වෙයි. ලෑස්ති වෙන්න.
මොනවා..? දැන් කොහේද ‘‘ප්‍රබල‘‘ රාජපක්ෂලා, ශ්‍රී ලංකාවේ, උගන්ඩාවේ, ඩුබායි වගේ රටවල නම් ඔහේ ටිකක් ඇති. දැනට අපේ රටේ ඉතුරු වෙලා ඉන්නේ, මැදමුලන වංශ කතාවේ එක රාජපක්ෂ පුරුකක් විතරයි. ඒත් ඉතින් එයා ඉන්නවා කියන්නෙත් බංකරයකලු... එයත් තව කී කාලයක් රජපුටුව රත්කරාවිද කියලා සැකයි කියා මගේ ආච්චි කියනවා.
හැට පිරිලාද, බඩ පිරිලාද?
ඒක හරි... නියමයි!
රටම අගාධයට දාලා යනවා. කාලකණ්ණි කළින් යන්න තිබුණේ...
කවුරු ගියත් නන්දසේන තවත් අවුරුදු 2ක් රට කාලා තමයි යන්නේ..!
එහෙනම් මතුවට යහපත් අයෙකු වී ඉපදෙන්න.
පරණ 226 ම නැතුව අලුත් තරුණ අයට පාලනය දිය යුතුයි...
ප්‍රබලයෝ නෙමෙයි වටේ තියෙන පොල්ලෙලි තමයි දැන් අයින් වෙන්නේ... බොරුවට මිනිස්සුන්ව කුලප්පු කරන්නේ කාගේ යහපතටද?