IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ප්‍රබල ඇමැති, ජනපති - ක්‍රීඩා ඇමැති වෙන් කිරීමේ කුමන්ත්‍රණයක

ජනපති සහ ක්‍රීඩා ඇමතිවරයා අතර ගැටුමක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මූලික වී සිටින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල ඇමතිවරයා මෙලෙස ක්‍රියා කරන්නේ රට ගැන හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආදරයකින් නොව තමාගේ අතිශය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් බවද එම දේශපාලන ආරංචි තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ ප්‍රබලයෙක් පැවසූයේ අදාල ඇමතිවරයා ඉතිහාසයේ සිට ක්‍රියා කළ අයුරින් මෙවර ද බොරදියේ මාළු බෑමේ සම්ප්‍රදාය අනුගමනය කරමින් තම පෞද්ගලික අරමුණක් ඉටුකර ගැනීමට උත්සාහ දරන බවයි.

අදාල ඇමතිවරයාගේ මේ දෙබිඩි ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා ද දැනුම්වත් කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසෙයි.

 



අදහස් (12)

ප්‍රබල ඇමැති, ජනපති - ක්‍රීඩා ඇමැති වෙන් කිරීමේ කුමන්ත්‍රණයක

I P WICKRAMANAYAKA Wednesday, 08 November 2023 04:45 PM

හා අපි පිළිගත්තා...

:       0       15

ravin Wednesday, 08 November 2023 04:45 PM

අපෝ එහෙම නැහැ. කලදුටු කළ වල ඉහගන්නේ නැතිව කොහොමද?

:       0       12

de silva berlin Wednesday, 08 November 2023 05:00 PM

ඇමති කියනවා මණ්ඩලේ දූෂණ, වංචා සිදුවෙලා තිබෙනවා කියලා... ඔහු විගණන දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රසිද්ධ කරනවා.. ක්‍රිකට් පාලක මණ්ඩලය දූෂණ, වංචා කරලා නොමැති නම් මාධ්‍ය ඉදිරියට ඇවිත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න. ඇමැති සමග ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ විවාදයකට එන්න. එහෙම කිසිම දෙයක් නොකර මාධ්‍ය වලින් හැංගිලා සිටීමේ තේරුම කුමක්ද? යම්කිසි කෙනෙක් දේශපාලනය හෝ යම්කිසි ශේත්රයකට ඇතුල් වෙන්නේ එහි ඉදිරියට යන්න... යම්කිසි ඇමැති කෙනෙක් තමන් යටතේ ඇති ආයතනවල වංචා, දූෂණ සොයාබලා, මර්ධනය කර ඒවා නිසි මගට අරන් දියුණු කිරීමට කටයුතු කරනවා නම්, ඔහුට ජනතාව යම් කිසි දේශපාලන වාසියක් ලබාදීමේ වරදක් මම දකින්නේ නැහැ. මෙතන පැහැදිලිවම වංචා, දූෂණ ඇතිවෙලා තිබෙන බව විගණකාධිපති වාර්තාවේ තිබෙන නිසා පක්ෂ විපක්ෂ සහ දෙස් විදෙස් ශ්‍රී ලාංකික ප්‍රජාවේ බොහෝ දෙනෙකු ඇමැති සමග එකතුවෙලා තිබෙන බව පෙනෙනවා... මම රාජපක්ෂ සහ පොහොට්ටු මජර දේශපාලනය අනුමත කරන්නේ නැහැ. නමුත් රොෂාන් රණසිංහ හරි දෙයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම් අපි ඔහු සමග ඒ වෙනුවෙන් සිට ගන්න ඕනේ...!

:       3       43

gunda Wednesday, 08 November 2023 05:01 PM

ප්‍රබල ඇමැති කියන්නේ... අර ආර්ථික විද්‍යාව පිළිබඳ කෙනාද?

:       0       11

Indika Wednesday, 08 November 2023 05:50 PM

ක්‍රීඩා ඇමැතිතුමා ඔහුගේ රැකියාව හොඳින් කරනවා.

:       3       38

Rata Perata Wednesday, 08 November 2023 06:07 PM

ඔන්න තවත් සැඟවුණු අමුත්තෙක් ඉන්නවා. පුළුවන් නම් හොයන්න...

:       1       18

ජයේ Wednesday, 08 November 2023 06:19 PM

මුදල් ගැවසෙන තැන බලය අල්ලන්න දෙපිරිසක තරගයක්... කවුරුත් ක්‍රිකට්වලට ආදරයක් නැහැ. පිරිසිදු මිනිස්සු නිහඬව බලා ඉන්නවා...!

:       0       16

අමල් Wednesday, 08 November 2023 06:35 PM

කෙලින් කියන්නකෝ "හරි ආවොත් හරි" කියලා ඇවිත් පාස්කු ප්‍රහාරය තාත්තාගෙන් දැනගෙන හිටපු කෙනා කියලා. මෙයත් දැන් ‘‘බෝන් අගේන්‘‘...

:       1       17

සාලිය​ Wednesday, 08 November 2023 06:41 PM

ඇමැති පුතෙක් අලුත් කමිටුවේ.. බොර දියේ මාලු බානවෝ...!

:       4       9

de silva Wednesday, 08 November 2023 07:28 PM

රංජන් පාර්ලිමේන්තු ආවොත් පාස්කු ප්‍රහාරයේ සුලමුල කොනක ඉඳලා අනාවරණය කරනවා කියලා දන්නවා. එහෙම වුණොත් ඔක්කොම අවුල් වෙන නිසා ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇත... කතෝලික භක්තිකයිනි, මොන පක්ෂයට කතිරෙ ගැහුවත් මනාපෙ හොඳට හොයලා බලලා මනාපෙ දෙන්න... ඔය බෝන් අගේන් කල්ලිය වැඩිහානියක් කරන්නේ පිරිසිදු කතෝලිත ආගමට බව අමතක කරන්න එපා...

:       0       0

chandima Wednesday, 08 November 2023 07:51 PM

ඇයි මොකද ඇලිලාද? කොහොමටත් කාක්කෝ ඉන්න එකට...! 

:       0       0

Sriyal Thursday, 09 November 2023 11:28 AM

SB

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site