(යොහාන් භාසුර)
ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (9) පෙරවරු 8.00 සිට සේවාවලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමදේශ් මහතා පැවසීය.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහා ද රුපියල් 35000 ක දීචමනාවක් ලබා ගැනීම වර්ජනයේ ප්‍රධාන අරමුණ බවත් අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිලධාරීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා රුපියල් 35000 ක දීමනාවක් ලබාදීමට ගත් තීරණය පිළිබඳව ඉතාමත් සතුටු වෙන නමුත් එම යුක්තිය සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණ ලෙස ඉටු කිරීමට අමත්‍ය මණ්ඩලය අපොහොසත් වීම පිළිබඳව අතිශයින්ම කණගාටු වන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ අනූව, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට එරෙහිව මෙම සංකේත වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කල බව කණගාටුවෙන් දැනුම් දෙන බවද ඒ මහතා කීය.
තවද, මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සාධාරණය ඉටු කිරීමට කඩනමින් කටයුතු නොකරන්නේ නම් සමස්ත සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒකාබද්ධ කර ගනිමින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)

(ඡායාරූප: කේ. බුද්ධික කුමාරසිරි)

(ඡායාරූප: තිලකරත්න දිසානායක)

2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීහු හදිසි වැඩ වර්ජනයක
Lal Tuesday, 09 January 2024 09:42 AM
මුන්ගේ වර්ජන කාලසටහන් අපිට කලින් ගන්න පුළුවන් නම් ... අපේ වෙලාව ඉතිරි වෙනවා ....
men Tuesday, 09 January 2024 11:08 AM
මා දන්නා පරිදි MLT සහ වෛද්‍යවරුන් අතර කිසිදු පරතරයක් නොමැත. මම වෙනත් වෘත්තීන් අවතක්සේරු කරන්නේ නැහැ. නමුත් වෛද්‍යවරයෙක් වෙන්න අනිත් වෘත්තීන්ට වඩා කැපකිරීම් කරනවා.
abaranTuesday, 09 January 2024 04:10 PM
හලෝ මෙන් දොස්තරලගෙයි MLT අයගෙයි වෙනස දැනගන්න ඕනෙම නම් ඔයාට ටිකක් අමාරු ලෙඩක් හැදුනම MLT කෙනෙකුගෙන් බෙහෙත් අරගෙන බලන්නකෝ . එහමත් නැතිනම් වී විද්‍යාල වලට බඳවාගැනීමේ කඩඉම් ලකුණු ලැයිස්තුව බලන්නකෝ . එතකොට ඔයාට වෙන තේරේවි .
මොට්ටපාල Tuesday, 09 January 2024 11:22 AM
හදිසි වැඩ වර්ජනයක් කියන්නෙ කොහොමද මේ කට්ටිය වැඩ කරන වෙලාවක් නැහැනේ හැමදාම ඉන්නෙ වර්ජන තත්වයෙන්ම තමයි වෙලාවකට මාධ්‍ය සංදර්ශන වෙලාවකට උද්ඝෝෂණ තමයි දකින්නට තියෙන්නෙ ඇත්තටම මොවුන් දිනකට පැයක් හෝ සේවයේ යෙදුනොත් නම් වර්ජනය වර්ජනය කලා කියන්න පුළුවන්
මැක්ස් Tuesday, 09 January 2024 11:33 AM
තමන් විසින්ම සකසා ගත් විද්‍යාඥ පට්ටමක් ඔලුවේ දා ගෙන ස්වයන් වින්දනයක යෙදෙමින් සුව සේවාව කඩාකප්පල් කිරීමට කැස කවන මේ උන්මත්තකයා බැඳ තබන්න කිසිවකු නැති හැටි!
abaran Tuesday, 09 January 2024 12:04 PM
මේ මිනිහ දාඩිය පෙරාගෙන ටයි පොල්ලක් බෙල්ලේ එල්ලගෙන දන්නා එකයි නොදන්නා එකයි හැම මගුලම කතාකරනවා . වර්ජන හරහා මහජනතාව අපහසුතාවට පත්කරන්න අවොත් මුන් මහපාරේදී ගුටිකන දවස අතක නොවෙන්න පුළුවනි . අපේ රටේ තියෙන්නේ මහ කාලකන්නි සුව සේවයක්. දොස්තරැලයි, හෙද හෙදියෝයි , වින්නඹු අම්මලයි , එම් එල් ටි අයයි . උපස්තායකයෝයි තරඟෙට එක එකාට ඉරිසියා කරගන්නවා . ඉතින් කොහොමද හරි හමන් සුව සේවයක් මහජනතාවට දෙන්නේ? ලෝකේ කොහෙවත් මේවගේ හීනමානයක් නැතිව ඇති