IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොරොන්දුවක් ඉටු කළොත් ජනපතිට වඳිනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපතිතුමාගේ කකුල් දෙක  අල්ලා වඳින බව  හම්බන්තොට  දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ධීවර අමාත්‍යංශය ගැන කතා කරනකොට කලකිරීමක් වේදනාවක් දැනෙන බවද වර්තමානයේ ධීවර අමාත්‍යාංශය විනාශ වෙමින්  ධීවරයා අනාථ වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.

ඉන්ධන ප්‍රශ්නය ධීවර කර්මාන්තය කඩා වැටීමට ප්‍රධාන ලෙස බලපා තිබෙන බවද රට වටේ ම  මූදේ මත්ස්‍ය සම්පත විදේශ   රට වලින් ඇවිත් කොල්ල කන අතර ඉහළ පෙලේ නායකයන් ද අමාත්‍යංශ නිලධාරීන් ද ඊට අවශ්‍ය කියවිලි සකස් කරදී කර දී පහසුකම් සලසන බව ද දිලිප් වෙදාරච්චි මහතා පැවසීය.

අමාත්‍යංශයේ ආයතන බිස්නස් ආයතන බවට පත්කරගෙන තිබෙන බව කී මන්ත්‍රීවරයා ඩීසල් භූමිතෙල් වැඩිවීම නිසා බහු බහුදින යාත්‍රා රැකියාවේ යාම 50% කින් අඩු වී තිබෙන බවද සඳහන් කළේය.

ධීවර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ  කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (6)

පොරොන්දුවක් ඉටු කළොත් ජනපතිට වඳිනවා

kamal Tuesday, 06 December 2022 01:26 PM

මට වඳින්න උන් ඕන තරම් ඉන්නවා බං, සේරප්පු සුප් බොන උනුත් ඕන තරම් , බොට වෙන මොනවද කරන්න පුළුවන් කියහන්

:       2       8

sharm warn Tuesday, 06 December 2022 01:55 PM

එක පාරක් අමු මාලු කෑවා. දැන් වඳින්න හඳනවා. මේ නම් ඇමති කමක් බලාගෙන කියන කතාවක්. ඇත්තටම අපි ජීවත් වෙන්න මූලික අවශ්‍යතා ටිකවත් ලබා ගන්න මුන්ගේ කකුල්වලට වඳින්න ඕනිද? මේ ලොන්ත කතා නිසා මෝඩ ඡන්දදායකයෝ නිකම් ගොනාට ඇන්ඳෙනවා. ජනතාවනි, මේ වගේ අය කකුල් ලෙවකාපු දෙන්. ඔබ මෙහෙම නිවට නොවන්න. අවබෝධයෙන් ජීවත් වෙන්න.

:       2       1

ලින්නා Tuesday, 06 December 2022 02:38 PM

අමුවෙන් ලින්නෙක් කෑවා වගේ මේ ප්‍රශ්නෙට භූමිතෙල් බීපං.... එතකොට භූමිදානවෙලා යන්නෙවත් නැතෑ....

:       6       3

නිහාල් Tuesday, 06 December 2022 04:13 PM

මේ හදන්නේ ධිවර ජනතාව රවට්ටලා ආයෙත් දියවන්නාවට පැනගන්න

:       3       0

මරිසිපාල Wednesday, 07 December 2022 06:43 AM

දියවන්නාවට පනින්නෙ මොකටද මිනිහා දැනටත් මංත්‍රී කියලා දන්නෙ නැද්ද මිනිහා හිටපු ධීවර ඇමති ඉතින් එයා කටයුතු කල අඅමාත්‍යාංශය රැකීමට උන්නදුවෙනවා ධීවර ජනතාව රැකීමට උත්සාහ කරන්නෙ ලංකාවෙ එවැනි දේශපාලුවො නැතිවීම තමයි තියෙන ප්‍රධාන ප්‍රශ්නය.

:       0       0

සනත් Tuesday, 06 December 2022 04:37 PM

සජිත්ට සෙවනැල්ලත් අහිමිවන ලකුණු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site