
(අංජුල මහික වීරරත්න)
ප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරවෙල දී අද (31) පැවසීය.
ජීවන බර සැහැල්ලු කිරීම ,රැකියා ලබාදීම,බදු බර අඩු කිරීම,ආර්ථික ප්‍රවර්ධනයෙන් අපනයන ආර්ථිකයක් ඇති කිරීම මෙන්ම උරුමය අස්වැසුම වැඩසටහන් මගින් අයිතිය ලබාදීම තම මූලික සැලසුම බවද ජනාධිපතිවරයා කීය.
මේ වන විට ජීවන බර 2022ට වඩා අඩුවී ඇතත් එයින් සෑහීමකට පත් නොවන බව කී ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ක්‍රමයෙන් යහපත් කරමින් හැකි තරම් සහන ලබා දෙන බව සඳහන් කළේය.
බණ්ඩාරවල නගරයේ පැවති ජනපතිවරණ ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.
මා ස්වාධීන අපේක්ෂකයෙක් වුනේ මේ රට බේරගන්න .මා රට බාරගත් යුගයට වඩා අද වන විට බඩු මිල සැලකිය යුතු ගණනකින් අඩු වී තිබෙනවා.
අපි ගත් පියවර නිසා ජීවන බර පාලනය කර ආදායම වැඩි කරන්නට හැකි වී තිබෙනවා. එමෙන්ම අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම සහනය ලබා දුන්නා. අප මාස හයෙන් හයට අලුතින් අස්වැසුම ලබා දෙනවා.
සැප්තැම්බර් 22 වැනිදා සිට මගේ සැලසුම ක්‍රියාත්මක කරනවා.
අද වන විට 2022 ට වඩා ජීවන බර අඩු වුණත් එයින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. තවදුරටත් ජීවන වියදම මෙන්ම බඩු මිල අඩු කළ යුතුයි.
හැකි තරම් සහන දීම මගේ අරමුණයි.
බඩු මිල අඩු කරන බව අනෙක් පක්ෂත් කියා තියනවා. මම එය කරන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන්.
එදා මා රට බාර ගන්නා විට ඩොලරයට 370 ක් ගෙව්වා .අද වන විට ඩොලරයට ගෙවිය යුත්තේ රුපියල් 300ක් පමණයි . සමෘද්ධිය අස්වැසුමට සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා.ඒ නිසා සමෘද්ධි නිලධාරීන්ටත් ප්‍රශ්නයක් නැතුව මේ වැඩ කටයුත්තේ ඉදිරියට යන්න පුළුවන්. ඔවුන්ගේ අනාගතය අප ආරක්ෂිත කරනවා.
රුපියල ශක්තිමත් කරන්න නම් ආර්ථිකය ශක්තිමත් කර යුතුයි.
අනුර සජිත් බදු අඩු කරන බව කියනවා.බදු අඩුකර සහන දෙන්නේ කොහොමද? යම්කිසි ඉලක්කයකට මේ රටේ ආදායම් එකතු කළ යුතුව තිබෙනවා.
වතුකරයේ ජනතාවට පඩි වැඩි කිරීමට අපට හැකි වුණා. ඔවුන් සඳහා අප අස්වැසුමද අප ලබා ලබා දෙනවා. වෙන එක අපේක්ෂකයක්වත් රැකියා දෙන හැටි කියා නැහැ. අප රැකියා ලක්ෂයක් උත්පාදනය කරන්නට කටයුතු කරනවා.රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ද ස්වයං රැකියා අවස්ථාද අප බිහිකරනවා.නවීන කෘෂිකර්මය සඳහා අප පහසුකම් ලබා දෙනවා.
රැකියා බැංකුවක් ඇතිකර රටේ රැකියා ගැන දැනුවත් කරන බව ජවිපෙ කියනවා.රැකියා නැති නිසා ඒ බැංකුව බංකොලොත් වෙනවා.සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්තියේ රැකියා ගැන එක වචනයක්වත් නැහැ.ඡන්දය දෙන්න කියන්නේ මේ අයටද?
මා නියෝජනය කරන්නේ ඩී.එස්.සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස පක්ෂය කඩා දැමුවත් පසුව මම ජේ.ආර්. ජයවර්ධන සේම ආර්ථිකය භාර ගෙන වසර දෙකෙන් ආපහු හැරෙව්වා. ඒ බව මතක තියාගන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි අච්චු ගහලාද මේවා කරන්නේ, එහෙම නැතිනම් ලංකාවේ කෑලි කෑලි විකුණලාද? බොරු කියන්න එපා හලෝ...!
පිස්සුවෙන් දොඩවනවා. අවුරුදු 74ක් රට කරලා අන්තිමට රට වලපල්ලට යවලා නැත්තට නැති කරලා කුජීත වෙලා ඉන්නේ, අපේ ළමයින්ට කන්න නැතුව බඩ පොත්තට ඇලිලා ඉන්නේ. මේ පාර අපි මාලිමාව දිනවලා මේ හොරුන්ට පාඩමක් උගන්වනකම් බලාගෙන ඉන්නේ...!
අර්ඡුන් මහේන්දන්ට ලංකාවට එන්න කියන්නකෝ
අහගෙන ඉන්න අසාවේ බෑ. කුකුල් චමින්දයාට කියලා බත් ටිකක් කවන්න හිතෙනවා...
අපි ආවාම සැලසුම් දෙකකින් රට දියුණු කරනවා. එකක් හොරකම නවත්තන එක, දෙක හොරැ එලවන එක. ඒ දෙක ඕන තරම් ඇති රට දියුණු කරන්න.
අවුරුදු 47 ක් දේශපාලනේ කරලා පස් වතාවක් අගමැති වෙලා කරපු නැති දේවල්, කරන්න මතක් වෙන්නේ නහින දෙහින කාලේ...