
(ගයාන් සූරියආරච්චි)
‘තමුසෙටත් දරුවෝ ඉන්නවා නේද? අපි මරණ වරෙන්තු අරගෙන ඉන්නේ. පවුල් පිටින් නැති කර දමනවා.‘යැයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට තර්ජනය කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
කෙහෙල්බද්දර පත්මේ, කමාන්ඩෝ ලසින්ත සහ තරූන් නැමැත්තකු සමූහ දුරකතන සංවාදයක් ඔස්සේ ලින්ටන් ද සිල්වා මහතා සම්බන්ධ කරගෙන මෙසේ තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.
කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ සමීපතමයකු ඉකුත් (3) දා කටුනායක ගුවන්තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු මත කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාට අයත් කෙහෙල්බද්දර ප්‍ර දේශයේ පිහිටි හෝටලයකට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් එම හෝටලයේ ඉබි යතුරු කඩා ඇතුළු වී තිබූ බව පොලිසිය පවසයි.
කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා සමග සිදුකළ දුරකතන සංවාදයේදී පවසා ඇත්තේ මෙතෙක් කල් කිසිවෙකු තමාගේ ස්ථානයකට එසේ ඇතුළු වී නොමැති බවත් එසේ ඇතුළුවීම හේතුවෙන් ලින්ටන් ද සිල්වා මහතාට මරණ තර්ජන කර ඇති බව එම උසස් නිලධාරියා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිනම් රටකට පැනලා ටෙලිෆෝන් එකෙන් තර්ජනය කරන එක මහ ලොකු වැඩක්ද?
ඔය කියන පද්මෙ අත්අඩංගුවට ගන්න තියන සාධක මදිද? ඇයි නොකරන්නේ? මෙතැන අපි නොදන්න තව කතාවක් තියනවා වගෙයි.
මොවුන්ට මෙහෙම අවි ආයුධ ලැබෙන්නෙත් ඔය පොලිසියේ සහ හමුදාවේ ඉන්න අයගෙන් නේද?
අර බංකු බංකු ඇමතිතුමා හොඳ වෙලාවට පෝය දෙකෙන් පතාලෙ නැති කරලා දැම්මේ. නැත්තං මීට වඩා තත්වේ දරුණුයි.
හිටපු බලලෝබී, බඩගෝස්තරවාදී දූෂිත, දේශපාලුවෝ පෝෂණය කරපු උන්... සුදුවෑන් ඝාතන අතුරුදහන් කෙරෙව්වේ, ඡන්ද කාලේ ජඩකම්, මැරකම් කෙරෙව්වේ පාතාල කාරයින්ගේ පිහිටෙන්...?
ඔය කියන කෙහෙල්බද්දර පත්මේව මැලේසියාවේ ඉන්නකොට අත්අඩංගුවට ගත්තා කියලා ගිය මාසේ කිව්වා නේද? ඒ වගේම එයාව ගේන්න කට්ටියක් මැලේසියාවේ ගියා කියලාත් කියෙව්වා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නේද කිව්වේ. ඉතින් කොහොමද දැන් ඔහු මෙහෙම දුරකථන තර්ජන කරන්නේ...
ගෑවිලා ඉන්න ඔක්කෝටම දඬුවම් දෙන්න ඕනේ
විශේෂ සිවිල් ආරක්ෂක අංශයක් නමින් අලුත් පොලිසියක් හදලා, එහි ප්‍රධානියා ලෙස සරත් ෆොන්සේකා මහතා පත් කළ යුතුයි. 1SR සහ කමාන්ඩෝ රෙජිමේන්තුද මේ අංශයට යටත්ව අනුයුක්ත කළ යුතුයි. ඔය කුඩ්ඩෝ , දේශපාලන සෙවලයෝ නිකන්ම සැලැන්ඩර් . ජනපතිවරයා මේ ගැන විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතුයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් මහතා වැනි කොන්ද පන තියෙන සල්ලිවලට කෑදර නොවන රාජකාරිය දේවකාරිය ලෙස සැළකිල්ලට ගනිමින් වැඩ කරන නිර්භීත නිලධාරියෙකි. වැඩිමනක්ම අපි ඇහුවේ ASP වැනි තනතුරේ ඉඳගෙන පාතාලයෙන් පඩි ගන්න නඩත්තු වන සහ පාතාලයෙන් බලු බැනුම් අහන ලොකු නිලධාරින් ගැනයි
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. පාතාලයේ වරද තියෙන්නේ... ඩාමරිකයෝ අත නොවෙයි... පාලකයෝ සහ නීතිය ක්‍රියාත්මක කරනවුන් අතර