(මුදිතා දයානන්ද)
“ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ හොඳ මිතුරෝ. ඒ අයට ඩීල් තියෙනවා. ඒ නිසා නිසා ඔය පක්ෂ දෙකෙන් කොයි එක බලයට ආවත් කිසිම හොරෙකුට, මීනිමරුවෙකුට දඬුවම් ලැබෙන්නේ නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ කොළඹ 07, මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
“ගිය ආණ්ඩු කාලෙත් හොරු ගැන කතා කළා දැනුත් හොරු ගැන කියනවා. හිරේ ගිය එක හොරෙක්වත් ඉන්නවාදැ” යි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහිදි තවදුරටත් ඇය මෙසේද පැවසුවාය.
“මේ රටේ මිනිස්සු ඇත්තටම පව්. ඒ අය මේ ඇත්ත තේරුම් ගන්නේ නැහැ. බලයට එන්න කලින් මේ ආණ්ඩුවේ අය උදේ කෑමට දවල් කෑමට රෑ කෑමට තුනටම ගත්තේ බැඳුම්කරේ. දැන් ඒ ගැන කතාවක් නැහැ. වෝහාරික විගණන වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විම වළක්වන්නයි ඒ අයට අවශ්‍යවෙලා තියෙන්නේ. මම අභියෝග කරනවා ජනාධිපතිටත්, අගමැතිටත් පුලුවන් නම් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනත් බැඳුම්කර නඩුව අහලා දඬුවම් දෙන්න කියලා. ඒ වගේම මම ජනතාවට කියනවා මේක කවදාවත් වෙන්නේ නැති බව. අර්ජුන්ලාට ඇලෝසියස්ලාට මේ පක්ෂ දෙකේම නායකයෝ යාලුවෝ. ඔවුන් මැතිවරණ කාලයේදි මේ දෙකටම මිලියන ගණන් මුදල් වැය කරනවා. ඒ නිසා කවුරු බලයට ආවත් එයාලගේ බිස්නස් සරුයි. මෙච්චරකල් වුණෙත් ඒක ඉස්සරහට වෙන්නෙත් ඒක. තව අවුරුදු දහයක් ගිහින් බලන්න මම කියපු දේවල් බොරුද කියලා.
මහමැතිවරණයේදි තුනෙන් දෙක ගණන් අවශ්‍ය නිසා සමහර විට කලින් කතා කරගෙන ටික දවසකට කියලා කවුරුහරි එක්කෙනෙක් හිරේ දාන්න පුලුවන්. ඡන්දෙන් පස්සේ ඒ මනුස්සයාත් එළියට එනවා. ඩීල් නැති අයට තමයි නඩු වැටෙන්නේ” යැයිද ඈ පැවසුවාය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් නේද? මෙච්චරකල් ඕවා ගැන කතාවක්වත් නැතුව හිටිය නෝනාට ඒ මොකද වෙලා තියෙන්නේ? වෙස් මුහුණු දාගෙන එන්න කල්පනාව ඇත්තේ. කොලොන්නාවේ හරක් ඉන්නවා නම් ඡන්දෙ දෙයි. මේ වගේ ගැහැණුන්ට නිගාවක් වුණු කෙනෙක්ට...
ඇත්ත...
මෙයා හරි සුදනා වගේ කතා කරන්නේ. බලෙන් මිනිස්සු වාහනේ දමාගෙන ගිහින් බරපතල වරදක් කළා. ඒ මදිවට ළඟදී සීඩී තැටි වලින් පෙනුණා මෙයාගේ හැදියාවේ තරම..
තව මාස කීයද? බහුබූත කථා කරන්නද හිතන් ඉන්නේ?
ඔයා ඩිෆෙන්ඩර් දාලා කොල්ලෙක්ව ඉස්සුවාමත් පැය දෙකෙන් ඇප ලැබුණෙත් ඔයා ආණ්ඩුවේ හිටපු නිසා බව අමතක වුණාද? හැබැයි ජේවීපී එකේ ලාල්කාන්ත සුමාන ගාණක් රිමාන්ඩ් ලැග්ගා. දැන් විපක්ෂයේ නිසා ඔක්කොම පරණ දේ අමතකද?
ඉස්සරහින්ද කතා කරන්නේ? ඩිෆෙන්ඩර් වැඩේට පැය දෙකෙන් ඇප ගන්නකොට ඕවා කිව්වේ නැහැ නේද?
මෙදාපාර නම් පරලවෙලා වගේ...?
මැඩම්ට දැන්ද ඕක තේරුණේ? අනේ වාසනාවන්...
ආපහු අලුත් තාලයකට නැටුම පටන් අරන් වගේ.. අපි දැක්කා පහුගිය කාලේ ඔයාලා කොහොමද දඬුවම් කලේ කියලා.. අරයව දාන්න මෙයාව දාන්න ඇප නොදෙන්න මෙහෙම කරන්න වගේ කතා.. අනිත් කතා නම් අහන්නත් අප්පිරියයි.. කොහොමත් ඔයාට ආපහු පාර්ලිමේන්තු එන්න ඡන්ද ලැබෙන්නේ නැහැ.. නරකද රන්ජන් මන්ත්‍රීතුමා පොඩ්ඩක් බලාලා එන්න ගියා නම්...?
වහලුන්ට තේරෙන්නේ නැති වුණාට, පක්ෂ පාට මොකක් වුණත් ඕක තමයි ඇත්ත...
ස්තුතියි හිරුනිකා, දැන්වත් ඇත්ත මිනිසුන්ට තේරුම් කිරීම ගැන...
දේශපාලන දූෂණය යනු රජයේ නිලධාරීන් හෝ ඔවුන්ගේ ජාල සම්බන්ධතා මගින් පෞද්ගලික වාසි සඳහා බලය භාවිතා කිරීමයි. දූෂණයේ ස්වරූපයන් වෙනස් වේ. නමුත් අල්ලස්, දේශාභිමානය, අනුග්‍රහය, බලපෑම් කිරීම, බද්ධ කිරීම සහ වංචා කිරීම ඇතුළත් වේ. යමෙකු මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකින් බැලුවහොත්, අවංක හා යහපත් දේශපාලකයකු සොයාගැනීම අතිශයින් දුර්ලභ බව පෙනේ. සෑම දෙයක්ම මෙන්ම, එය අප බලාපොරොත්තු වනවාට වඩා අඩුවෙන් විය හැකි නමුත්, නරක අතට එය තරඟයක් ලෙස අපට හොඳක් විය නොහැකිය. ඔබ සුබවාදී හෝ අශුබවාදී වුවත්, දේශපාලනයේ දූෂණයක් ඇති බව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. අද අපි බලන්නේ වඩාත්ම දූෂිතයන් දෙසයි...
අනේ එහෙම නම්, දෙගොල්ලොම එ්ක නම් කරන්නේ නැද්ද?
දැන් එහෙනම් ගෙදර යන්නද හිතන්නේ? අනේ ලොකු දෙයක්...
උනුත් එකයි, මුනුත් එකයි, අපි දැන් 3% නේ...
අපි නම් ඔය දෙගොල්ලොම එකයි කියලා දැනගෙන හුඟක් කල්. තමුන් ඉස්සරහා පැත්තයි, පස්ස පැත්තයි ගැන කුණුහරුප ටිකක් කියාගෙන ගෙදරට වෙලා හිටියා නම් ඉවරයිනේ...
හිතාගෙන ඇති ඔහොම කීවම අමතක වෙයි කියලා...
නුගේගොඩ කඩවලට පැනලා තර්ජනය කරනකොට, ඩිෆෙන්ඩර් දාලා මිනිස්සු පැහැර ගන්නකොට ඔය සීතාදේවිකම සහ නීතියට ගරුකිරීම කොහෙද තිබුණේ?
ඒ නිසා තමයි, අද ඔයත් එළියේ ඉන්නේ.. නැත්තම්, ඇතුලට ගිහින් හුඟක් කල්..!
අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි.. ඕක තමයි කවදත් සිද්ද වුනේ... දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ. දූශිත දේශපාලුවන් ගැන කවර කතාද?
වයසට ගියහම අත්තනගල්ලේ එක්කෙනා වගේ වේවි..!
ඒක නම් ඇත්ත!... ඉස්සරහින් ගියත් එකයි, පස්සෙන් ගියත් එකයි..!
මෙහි මිනිසුන්, නොමිනිසුන් කමෙන්ට්ස් කර ඇත. ඉතින් මෙයින් ඇත්ත කීම ගැන සතුටු වී ඇත්තේ මිනිසුන්ය.
ලොකුම බැඳුම්කර හොරු දෙන්නෙක් මේ රටේ දැන් ඉන්නවා. ඉතින් තවමොන කතාද..? මේ හොරු දෙන්නව අල්ලලා දඬුවම් දීලා රටේ ජනතාවගෙන් හොරා කාපු රුපියල් මිලියන 10400 යි රුපියල් මිලියන 690 යි වහාම අයකර ගන්න. කාටද කොන්දක් තියෙන්නේ...? නාගානන්ද බලයට පත්වුණා නම් අනිවාර්යයෙන්ම මේ හොරු කුඩුවේ දැනටමත්. අවාසනාව තමයි....
කොහොම වුණත් ඔබට මෙහෙම කියන්න තරම් පිටකොන්දක් තිබීම සතුටක්... ඔව් මේ දෙගොල්ලම හොරු... එයාලා කවදාවත් එකිනෙකාව හිරේ නොදමන බව පැහැදිලියි...
මට ආරංචි ඔබට පාරේ බැහැලා යන්න බැහැල්ලු හැමකෙනෙක්ම ඔබ දිහා බලන නිසා කියලා.
මේ ලියලා තියෙන අදහස් හැම එකකටම විරුද්ධව ලකුණු කරල තියෙන (අන්ලයික් කරලා තියෙන) කෙනෙකුත් මෙතන ඉන්නවා.
මෙයත් අර මෙයාගේ දුරකථන සංවාද සගයා යන පාරේ යන්න සෙට් වෙලා ස්වාධීනව එන්න ලොරි ටෝක් දීල පොඩි පසුබිමක් හදාගන්න හදනවා වගෙයි නේ. පොඩ්ඩක් ඉන්න ඉරාජ් ඔයාට චරිත සහතිකයක් ලගදීම දෙනවා කිව්වා නේ?
පක්ෂ දෙකේම නායකයන් කිව්වම සජිත්වත් අයිති නේද? බැලුවම ඇත්ත තමයි.