(රංජිත් රාජපක්ෂ)
කොරෝනා වයිරස අවදානමත් සමඟ රජයේ සහ පෞද්ගලික අංශයේ අද (16) දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරිමත් සමඟ වතුකරයේ ප්‍රධාන නගර සියල්ලක්ම පාලු ස්වභාවයක් දැක ගැනීමට හැකිව තිබේ.
හැටන් බස් නැවතුම්පොලේ සිට දිනපතා ගමන් ගන්නා ලංගම සහ පෞද්ගලික දුර සහ කෙටි දුර බස් රථවලට මගීන් නොමැති බව බස් රථ රියදුරෝ පවසති.
හැටන් බස් නැවතුම්පොළ ද පාලු ස්භාවයක් ගෙන තිබු අතර හැටන් නගරයේ ඇතැම් වෙළඳසැල් අද දිනයේ වසා තිබිණි.
හැටන් සතොස ශාඛාව විවෘත කර තිබු අතර , එම ශාඛාවේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය ප්‍රමාණවත් තරම් තොග තිබෙන බව සතොස ශාඛාවේ කළමනාකාරු සඳහන් කරති.
අද (16) නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරිමත් සමඟ ඊයේ (15) දින නගරය පාරිභෝගිකයන්ගෙන් පිරි තිබූ අතර වෙළදාම් හොද තත්ත්වයේ තිබු බව ව්‍යාපාරිකයෝ කියති.
ඡායාරූප - (රංජිත් රාජපක්ෂ)





ඡායාරූප - (පාලිත ආරියවංශ)



2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්රධාන නගර පාලුවට යයි