ඉන්දිකා රාමනායක
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ඝාතන සිද්ධීන් ඇතුළු ප‍්‍රධාන විමර්ශන හයක විමර්ශන ගොනු මෙම මස 23 වැනි දිනට පෙර තමන් වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙකු ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙකු පැහැගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිද්ධීන් වලට අදාළ වාර්තා මෙලෙස කැඳවා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙකු ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙකු පැහැගෙන ගොස් අතුරුදන් කිරීම සිද්ධීන් පහ සම්බන්ධයෙන් විමර්ශන ප‍්‍රමාදයකින් තොරව අවසන් කර විමර්ශන උධෘත ගොනු තමන් වෙත යොමු කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් (15) වැනිදා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබිණි.
ඒ අනුව ඉහත විමර්ශන පහ සහ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ද වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා කැඳවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම වාර්තා පහත සදහන් කරුණු 11 ක් සම්බන්ධයෙන් එක් එක් සිද්ධියට අදාළව වෙන වෙනම ගොනු සකස් කර තමන් වෙත ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය මහත්මයට දෙන්න හදන්නෙ වැඩේ..අවුරුදු 04 ක් අැදලා අැදලා දැන් තමා මතක් වෙලා තියෙන්නෙ. පව් එයාලගෙ නඩු හමාර කරන්නද හදන්නේ නැත්නම් බයිස්කෝප් එකක් පෙන්වන්නද හදන්නෙ? අවසානයේ කොතනක හො ඩොලර් ද ?
මේ වැඩ වලින් වෙන්නේ ගෝටාභයගේ ජයග්‍රහණය තහවුරු වෙන එක විතරයි. යහපාලනයට ජය වේවා
අවුරුදු 4කට වඩා ගිහිල්ලා බැරි වුන දේ මාස 3න් කරයිද? තාම කරන්නේ මාධ්‍ය සංදර්ශන
මෙන්න තවත් මැතිවරණ ප්‍රතිපලයක්
කොහොම හරි වැඩේ කරන්න බලමු නේද?
ඡන්දයක් ළඟ ළඟම එනවාද ?