(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් අම්මා අප්පාගේ බූදලය වගේ  තමන්ගේ ඥාතීන්ට ඉඩම් බෙදා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි  ඉල්ලීමක් කරන බව වනජීවි හිටපු අමාත්‍ය, නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (2)  පැවසීය.

කන්නෙළිය  දැක්කම අද බඩඑළිය යන බව පැවසූ  මන්ත්‍රීවරයා විවිධ ක්‍රියාකාරකම් නිසා  එහි සුන්දරත්වය විනාශවී ඇතැයිද  ප්‍රකාශ කළේය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ වනජීවී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය