(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ කාලුතර දිස්ත්‍රික්කවලඇතැම් ස්ථානවලට මිලිමීටර50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වාගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ප්‍රදේශ ගණනාවකට වැසි
D P P Prasad Sunday, 04 September 2022 11:57 AM
අධික වර්ෂාව නිසා සියළුම ජල ප්‍ර්‍රවාහයන් සක්‍රීය වී ඇති අතර විශේෂයෙන් ඇල මාර්ග, දියඇලි ආශ්‍රිතව මෙම තත්වය ඉතාමත් සුවිශේෂී වේ. බොහෝ තරුණ කණ්ඩායම් විනෝදාස්වාදය සඳහා කඳුකර ප්‍ර්‍රදේශවල පිහිටි දියඇලි, ජලමාර්ග හා කඳුශිඛර නැරඹීමටත් සමහර දියඇලි ජලස්නානය කිරීමටත්, ඇතැම් අවස්ථාවල ඡායාරූප ලබාගැනීමටත් කටයුතු කරනු ලබයි. කඳුකර ප්‍ර්‍රදේශවල පිහිටි මෙවැනි සුන්දර ජලමුලාශ්‍ර හා ආකර්ෂණීය ස්ථාන නැරඹීමට යාම වර්ෂාව සහිත කාලගුණ තත්වයන් ඉතාමත් අහිතකර ප්‍ර්‍රතිඵල ළඟාකර දිය හැකිබැවින් එවැනි තත්වයන්ගෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව සිහිපත් කරමි...!