
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
ඔහුට ලබන දෙසැම්බර් මාසයේ 3 වැනිදා දක්වා සේවය කිරීමට කාලය තිබුණේය.
යසරත්න මහතාට ඉවත්වීමට බලපෑ හේතුව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් ඔහු සිකුරාදා දින අමාත්‍යාංශ කාර්යාලට පැමිණ ධුරයෙන් ඉවත්වන බව ඉහළ නිලධාරීන්ට දන්වා ඇතැයි සඳහන්වේ.
ප්‍රදීප යසරත්න මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට පසුගියදා පත් ගනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
ඔහු කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම බස්නාහිර පළාත් ලේකම්වරයා ලෙසද කලක් කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට අප ප්‍රදීප් යසරත්න මහතා සම්බන්ධ කර ගැනීමට අද උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.