
(ෂේන් සෙනෙවිරත්න)
සමාජ මාධ්‍ය වාරණය පනත වහා හකුලා ගනු, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන කොතලාවල උපාධි කඩ හරහා වෙද උපාධිය මුදලට විකිණීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය හකුලා ගනු ඇතුළු ඉල්ලීම් ගණනාවක් මූලික කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ විරෝධතා පා ගමනකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත විය .
විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා පා ගමනින් පේරාදෙණිය තානායම අසලට පැමිණීමත් සමඟ සිය ගණනක් වු පොලිස් භට කණ්ඩායමක් මාර්ගය අවහිර කොට සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් සිසුන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත විය .
එහිදී කඳුළු කඳුළුගෑස් උණ්ඩ වැදීමෙන් සහ කඳුළු ගෑස් වැදීමෙන් ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් සිසුන් 08 දෙනෙකු පමණ රෝහල් ගත කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං සැපද?
මේ කාලකන්නි ළමයින්ට තේරෙන්නෑ... මේ අය හවස 3ට 4ට පාරට බැහැලා ඔෆීස් ඇරලා ගෙදර යන වෙලාවේ පාරට පැනලා උද්ඝෝෂණය කරන ඒ කාලකන්නි වැඩේ ගැන, ඉස්පිරිතාලේ ඉන්න ලෙඩෙක් බලන්න යන්න බැහැ. එක පැත්තකින් වැස්ස, බස් එකට නගින්න බැහැ... පාර වහලා ගැටඹේ පැත්තෙන් බස් එන්නෑ, මීට කලින් දවසක් ඔය වගේ උද්ඝෝෂණයක් හවස කරා... දරුවා අසනීප වෙලා හොස්පිටල් එකට යන්න පැය ගාණක් ගියා, යනකොට දොස්තරා ආපහු ගිහින්... මේ කාලකණ්ණි වැඩේ නතර කරන්න වහාම පියවර ගන්න ඕනෑ... මොකද අහිංසක මිනිස්සු තමයි තැලෙන්නේ.. උදේ ගෙදරින් එන මනුස්සයාගේ අන්තිම බස් එකත් මෙකෙන් අහිමි වෙනවා ගෙදර යන්න... අඬු කැඩෙන්න ගහන්න ඕනෑ. මෙතන මොකාගේ දේශපාලනය තිබ්බත් අපිට වැඩක් නැහැ... හැබැයි මෙක මහ කාලකන්නි වැඩක් ඔපීස් වෙලාවේ පාරට පැනලා පිස්සන්වගේ වැඩ කරන එක...
විරෝධතා පිකටිං පෙලපාලිවලට පුදුම විදියට බියගුලු ආණ්ඩුවක්නෙ මේක. බැරිනම් ඉල්ලා අස්වෙලා ගෙදර යන්නකෝ...!
මෝඩ ආටො තමයි මෙතැන වැඩි අනිවාර්යෙන්ම. මෙඩ්ඩො සයනො ඉන්ජො සැපට ලෙක්චර්ස් යනවා. මෙඩ්ඩන්ගේ උපාධිය විකිනෙන එක ගැන ආටන්ට තියෙන අමාරුව බලන්නකෝ. අයියෝ සල්ලි...!
යනවා පේනවා ගැම්මට යනව පේනවා... එනව පේනවා පාරෙම ... එනව පේනවා... කනව පේනවා ඉල්ලං කනව පේනවා... එනව පේනවා අකුලං එනව පේනවා...!
කාලකන්නි පාහරයෝ උන් ඉගෙනගන්නෙත් නැහැ අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නේත් නැහැ. උසස් අධ්‍යාපනයට මුදල් අයකරනවානම් මේ කාලකන්නි විශ්වවිද්‍යාලවල පාටවත් දකින්නේ නැහැ. පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාලවලට පහසුකම් වැඩි කරන්න ඕනේ.